කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාව පරදවා ලබාගත් ජයග්‍රහණයත් සමගින් තමන්ගේ 100 වැනි ටෙස්ට් තරගය ජයගත් රටවල් අතරට බංග්ලාදේශයද එකතු විය. 100 වැනි ටෙස්ට් තරගය ජයගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ බංග්ලාදේශය පමණි.
බංග්ලාදේශ නායක මුෂ්ෆිකුර් රහීම් සහ මෙහෙදි හසන් (කඩුල්ලේ රැඳී සිටි අනෙක් පිතිකරුවා) තරගය ජයගැනීමේ සතුට බෙදාගනිද්දී සිය 40 වැනි උපන්දිනය දා ටේස්ට් තරගයක් පරාජය වීමෙන් වේදනාවට පත් රංගන හේරත් සිය හිස්වැස්ම අතට ගන්නා දෙස උපේක්ෂාවෙන් බලා සිටින විනිසුරු අලීම් දාර් මහතා. මෙම තරගයත් ජයගත්තා නම් නායකයකු වශයෙන් රංගන හේරත්ගේ සාර්ථකත්වයේ වාර්තාව 100% ක් වන්නට තිබිණ.
ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හේරත් තනියම කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙනයන්නේ කොහොමද? කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයෝ පහසු උඩ පන්දු අත අරිනකොට.
බංග්ලාදේශ ක්‍රීඩකයන් මෑත කාලයේදී වඩාත් දස්කම් අතරට පැමිණි කණ්ඩායමක්. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ වගකීම් විරහිත ක්‍රීඩා විලාශය, විශේෂයෙන්ම දුර්වල පන්දු රැකීම මෙම තරගයේ පරාජයට හේතුව බව මගේ හැඟීමයි. ධනංජය සිල්වා එක දිගටම එක්දින සහ ටෙස්ට් තරග වලදී අසාර්ථක වෙද්දීත් ඔහුට කණ්ඩායමේ ස්ථානයක් හිමිවීම විශ්මයට කරුණක්. දේශපාලන හෝ වෙන මොනයම් හෝ බලපෑමකින් තොරව දක්ෂයාට අදාල තැන නොලැබෙනතාක් කල් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ඉරණම අත්වනු ඇත. බංග්ලාදේශයට චන්දික හතුරුසිංහගේ අගය දැනීමට පෙර අපට ඔහුගේ අගය වටහා ගැනීමට නොහැකිවීම අපගේ අභාග්‍යයකි. පුහුණුකරුවෙකුනම් සුදු හමක් සහිත පුද්ගලයෙක් විය යුතුයි යන මතයෙන් අප බැහැර වෙන්නේ කවදාද? අප රටේ සිටින ලෝක පුජිත ක්‍රිකට් විරුවන්ගේ සේවය අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ලබා ගන්නේ කවදාද?
ජය පරාජය දෙකම දරාගන්න ඕනේ.
ක්‍රිකට් යනු මනස හොදින් ක්‍රීඩාව වෙත යොමු කළ යුතු ක්‍රීඩාවකි. එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට මානසික ඒකාග්‍රතාවය පිළිබද හොද පුහුණුවක් ලබාදීම වගකිය යුත්තන්ගේ යුතුකමයි.