(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජනමාධ්‍ය අමාත්‍යංශය සහ යුනෙස්කෝ ජාත්‍යන්තර ආයතනය එක්ව සංවිධානය කළ ජනමාධ්‍යවේදීන් සඳහා විශේෂ සමුළුවක් අද(4) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැත්විණි.
ජනමාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩත්වය සහ අපරාධ අවසන් කිරීමේ එක්සත් ජාතීන්ගේ දිනය මූලික කරගනිමින් ‘ආසියාව තුළ භාෂණයේ නිදහස සහ නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය‘ යන තේමාව යටතේ පැවැති සමුළුවේ ප්‍රධානියා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්වූ අතර යුනෙස්කෝ සංවිධානයේ භාෂණයේ නිදහස සහ මාධ්‍ය සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ගයි බර්ජර් ද ඊට එක්විය.
ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන සහ නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන යන මහත්වරුන්ද විදේශීය මාධ්‍යවේදීන් රැසකගේ ද සහභාගීත්වයෙන් පැවැති සමුළුවට ශ්‍රී ලංකාවේ මුද්‍රිත හා විද්‍යුත් සෑම මාධ්‍ය ආයතනයක්ම නියෝජනය කරමින් මාධ්‍යවේදීහු පිරිසක් ද එක්ව සිටියහ.




COMMENTS
රිචර්ඩ් ද සොයිසා මහත්තයාට ආරාධනා කලේ නැතෙයි?
සමුළු තිබ්බට වැඩක් තියෙනවද? වෙබ් අඩවියක් තහනම් කෙළේ කවුද කියලවත් හොයා ගන්න බැරි රටේ...
"ජනමාධ්‍ය නිදහස" කියන එකේ තේරුම වටහාගන්න අකමැතිව " වල් බුරු නිදහසක්" කියල හිතාගෙන වැඩ කටයුතු කරන මිනිස්සුන්ට මේවා විහිලු බොස්....
ජනමාධ්‍යවේදීන් සඳහා ආචාර ධර්ම පද්ධතියකුත් හඳුන්වා දෙනවා නම් හොඳයි.
එක්සත් ජාතික පක්ෂයේ ගරු නායකතුමනි, ගරු ඇමති වරුනේ.. රටක විරුද්ධ පක්ෂය තමයි... නිර්භීතව නිවැරදි තොරතුරු රටට ජනතාවට හෙළිදරව් කරන අයගේ වගකීම ...රජයේ වැරදි අඩුපාඩු වගේම රට හා මහජනයා වෙනුවෙන් ඉදිකෙරෙන යහපත් කටයුතු පිළිබඳවද සම සමව රජයට පෙන්වාදීම ...ජනතාවට නිවැරදි තොරතුරු එළිදැක්වීම, විනය ගරුක මාධ්‍යවේදීන්ගේ යුතුකමයි. වගකීමයි... ඉදිරියේදී අප පක්ෂය නිවැරදි මාවතක් ඔස්සේ ගමන් කරනු ඇතැයි මගේ පැතුමයි ...
මේ අය මේ පාලන කාලයේම කරලා තියෙන්නේ මාරුවෙන් මාරුවට රට යන එක සහ සමළු පවත්වලා ලොකු කථා පැවැත්වීම පමණයි. එයින් එහාට දෙයකුත් නැහැ. මිනිසුන්ට වෙච්ච සෙතකුත් නැහැ. මිනිස්සු මේ අයව නඩත්තු කරමින් සැප දුන්න එක විතරයි.
කෝ අපේ අප්පොච්චයි, බාප්පොච්චයි දෙන්නා. ඒ දෙන්නා අනිවාර්යෙන්ම මෙතන ඉන්න ඕනේ.. මොකද පහුගිය අවුරුදු දහයේ මාධ්‍යවේදීන්ට දීපු නිදහස නිසා...
අනේ සීයේ දැන් කලා හොඳටම ඇති. දැන් ඉතින් තව කියව කියවා ඉන්නේ නැතිව ගෙදර යන්න !
ජනමාධ්‍යවේදීන්ට මෙච්චර ආදරේ මොකද දන්නවද.?ඡන්දය ලග එනවනේ.
මේ රජය බලයට එන්න පාවිච්චි කලේ පහුගිය පාලනය තුල මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට කල හානිය ඉදිරිපත් කරමින්. රජයේ මාධ්‍ය අනිකුත් මාධ්‍ය සම බරව කටයුතු කල නිසා තමයි මේ රජයට බලයට ඒමට පුළුවන් වුණා. විශේෂයෙන්ම ලසන්ත, එග්නේලිගොඩ, බෝද්ද්හල ජයන්ත, තෙන්නකෝන්, කීත් නොයල් ඔ නම් ටික උපරිම ප්‍රදර්ශන කලා. මෙවෙනවිට මේ රජය බලයට පත්වෙලා අවුරුදු 3ට ආසන්නයි. නමුත් පොරොන්දු ටික වචනවලට පමණක් සීමා වෙලා.
මෙතුමාට ලජ්ජා නැද්ද කලිසමක් ඇඳගෙන මෙහෙම කරලියට එන්න?