ශ්රී ලංකාවේ උසම ඉදිකිරීම ලෙස සැලකෙන නෙළුම් කුළුනේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (05) එක් විය.
අදාළ ඉංජිනේරුවන් සමග සුහද කථා බහක නිරතවෙමින් පවතින අඩුපාඩු පිළිබද විමසා බැලු ජනපති ව්‍යාපෘතියේ කටයුතු කාර්යක්ෂම කිරීමට ද උපදෙස් ලබා දුන්නේය.
ඉදිකිරීම් අවසන් වූ පසු අකුණු සන්නායක කණුවද සහිතව කුළුනේ සම්පූර්ණ උස මීටර් 350 ක් වන අතර මහල් තුනකින් සමන්විත එහි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණ, භෝජනාගාර, උත්සව ශාලා හා නැරඹූම් මැදිරියක් ද ඉදිකිරීමට නියමිතය. මෙම සියලූ ඉදිකිරීම් ලබන වසරේ මාර්තු වන විට අවසන් කිරීමට අපේක්ෂිත බව ද මෙහිදී ඉංජිනේරුවෝ ප්‍රකාශ කළහ.







(ඡායාරුප-ජනාධිපති මාධ්‍ය අංශය)
COMMENTS
දින 100 මේක හදල ඉවර කරන හැටි ගැන උපෙදෙස් දෙන්න ඇති. ඇපල් ලේකම් තුමත් ගිහිල්ල තියෙන්නේ. අනේ මන්ද...
මාර විශ්ව කර්ම වැඩක්නේ? අර පන්තිවල පුටුනැතුව ගස්යට ඉගෙනගනගන්න ළමයිනුයි වැස්සට වහල තෙමෙන ඉස්කෝලවල ළමයිනුයි අගෝස්තු නිවාඩුවට අද්යාපන චාරිකාවකට ගෙනියන්න කියාපු තැනක්. මේකත් අර පෙරදක්නා දර්ශනය අනුව ඉඳිවෙන එකක්වෙන්න ඇති?
මොන කෙහෙල් මලකටද මහල් 3 කට මෙච්චර වියදම් කරන්නේ???
කොළඹ කොච්චර අපිලිවෙලද , කැතද කියල මේ කුලුනට නැග්ගම බලන්න පුළුවන්
නිරීක්ෂණය කලාට කමක් නැහැ ඕකත් යහපාලනයේ ගිණුමට දාගෙන බොරු සංවර්ධනයක් පෙන්වන්නේ නැතුව. යහපාලනය ඉතිහාසගත වෙන්නේ කලින් ආණ්ඩු කාලේ හදන්න පටන් ගත්තුවා විවෘත කිරීමෙනුයි රජයේ සම්පත් විකිනීමෙනුයි විතරයි.
අහසට ගොඩක්ම ලග නිසා කවුරු කවුරුත් තමන්ගේ ඔලුවටෙට " අකුණු සන්නායක හත අටක් " බැදගත්තොත් කාට කටත් හොදා.
"අදාළ ඉංජිනේරුවන් සමග.......පවතින අඩුපාඩු පිළිබද විමසා බැලු....." බලන කොට ඉංජිනේරු ශාස්ත්‍රයත් දන්නවනේ. ඒ වුනාට කුලුනේ උඩ කොටස තරමක් ඇදට ඉදිවෙනවා වගේ ගතියක් 6 වෙනි පින්තුරයෙන් පෙනෙනවා. මේ කුලුනේ අඩු පාඩු හොයන්න උත්සුක වෙන එකේ "යහපාලනේ" අඩු පාඩු ටිකත් හදාගත්ත නම් නේද හොඳ?
හරි ලස්සනයි නේද ඊටත් වඩා ලස්සනයි ඔය කොන්තරාත් වලට ගහපු කොමිස් , ඒවා ගෙවන කොට රටේ ජනතාවට දෙවි පිහිටයි එතකොට තවත් ලස්සනයි.
යහපාලන රජයේ යෝධ සංවර්දන ව්‍යාපෘතියක් නිමවෙන්න ලගාවීම කකුලෙන් අදින්න බලන් ඉන්න අයට දුකක් වේවි
සත්‍යා මයා වෙත,ඔබගේ අදහස් ගොන්නටම ගරුකරමි. අප කුලුනේ තිබෙන අඩුපාඩු ගැන කතාකිරීම වඩාත් යෝග්‍යවේ.මක්නිසාදයත් "යහපාලනය " යන වචනයේ අර්ථයෙන්ම එහි කිසිදු අඩුපාඩුවක් තිබිය නොහැක. එබැවින් එහි අඩුපාඩු සෙවීම අර්ථසුන්‍යවේ. තවද එහි සිටින"සියළු උන්නැහේල" ඉතාවංක (100% ට 200%ටත් වඩා අවංක ) බැවින් ඔවුනට පරිබව කිරීමෙන් වැළකෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
මේ වගේ ලුණු ගෙඩියක් හම්බ උනහම අර චුටි ලුණු බික නිකම්ම් අමතක වෙලා යනවා නේද ? එක නිසානේ රටේ නිල ඇති සහ නිල නැති පාලකයෝ දෙන්නම ඒ ගැන සද්දයක් වත් නැත්තේ..
රෝසපාට වීදුරු හරහා නගරය රතුපාටට දැක්කට පස්සේ, ඒ අපරාධය ගැන වාස්තු විද්යග්නයාගෙන් ප්‍රශ්නකලේ නැත්තේ මොකද මන්දා
මේ මොන විහිලුවක්ද ,..මීටර් 350 උස කුලුනේ මහල් 3යිලු ...මේ උස හැටියට මහල් 50ක් වත් තියෙන්නේ ඕන....ඔබ අස ඇති ඩුබායි වල තියෙන ""කලීෆා ටවර්"" එකේ උස මීටර් 828 මහල්163ක් තියෙනවා ..... මේවැනි මීටර් 350 උස කුළුනක මහල් 3න් පමණක් තියෙනකොට ලැබෙන ප්‍රතිලාබ ගැන දන්නකෙනෙක් ඉන්නවනම් අපිට තේරුම කරලා දෙන්න .. මේ කුලුනේ මුදුනේ වතුර ටැංකියක්වත් හැදුවොත් නම් ප්‍රයෝජනයක් ලැබේවි ..
සංවර්දනය කියන්නේ ගොඩනැගිලි නෙවෙයි කියල කියපු කට තමයි කුලුනකට නැගල අඩුපාඩු හොයන්නේ. කුලුනේ වැඩ ගානට යනවා. තම තමන්ගේ තියෙන අඩුපාඩු බැලුවනම් තමයි වටින්නේ.
ඒ උනාට මහින්ද හොරා
සැවොම නොදත් දෙයක් ඇත මෙම කුලුනේ. මෙහි සුකොපබොගී කාමර හත ජනාධිපතිට පමණ බවිත කරන්නට පෙර රේගිමය සුදානම් කර තිබුනත් එය ඔබ පැමිණි විගස රාජ්‍ය තාන්ත්‍රිකයන් සඳහා පමණක් බව කියමින් වෙනස් කළේය. නැතිනම් මෙය පුතුන්ගේ සෙල්ලම් පෙන්වන ඉස්තනයක් බවට පත්වෙනවා සිකුරුඉ. ඔබට හිස නම ආචාර කරමි ඒ කල මහගු ක්‍රියාවට.
මේවා රටට ඔරොත්තු නොදෙන වැඩ ,,,,විස්වවිද්යල සිසුවෝ මහපාරේ ---සමහර දෙමාපියෝ හොර මගඩි අධ්‍යාපන කඩ වලට කෝටි ගණන් දීල තම දරුවෝ වෙනුවෙන් ,,,තව වෛද්‍ය විද්‍යාල කීයක් මේ මුදලින් හදන්න තිබුනද ,,,,
කැකිරාවේ බණ්ඩාර හේනක් කොටගෙන හිටියනම් තම හොඳ. මෙයා හිතාගෙන ඉන්නේ ගෙවල් වල ගහන තට්ටු වගේ කියල ලෝකේ තියෙන හැම දෙයක්ම. අනුකම්පා කරමි ඔබට.
අකුණු සන්නායක කූර කිලෝමීටරයක් විතර උසට හැදුවා නම් මේක ලේසියෙන්ම ලෝකයේ උසම කුළුණ කරන්න පුළුවන්...
හා හා.. ඔය කොහෙද යන්නේ. තමන් කරපු දෙයක් නෙති නිසා මෙවටවත් ගොඩවෙලා බැලුවද? ඉගුරු දී මිරිස් ගත්තු ජනතාවක් ඉන්නකන් ඔබට හොදයි. ඇත්තටම කරපු දෙයක් නැනේ මෙය විකුනම් කාපු එක හැර.
ලංකාවේ මිනිස්සුන්ගේ දුපත් මානසිකත්වය මෙතන තියන කොමන්ට් වලින් තේරෙනවා විතරක් නෙවේ , තව අවුරුදු 500ක් ගියත් ඔතනමයි කියල වැටහෙනවා. අතිපණ්ඩිත උතුමානන්ලා ගොඩයි. ""කලීෆා ටවර්"" කියන්නේ කාමරම තියන බිල්ඩින් එකක්. ටවර් එකක් නොවේ. අනික මේවගෙන් නගරයේ සංකේතය ලෙස භාවිතයක් තියනවා වගේම සන්නිවේදන කුළුණක් ලෙස භාවිතා වෙනවා. උදා- ටෝකියෝ ටවර්, ටෝකියෝ ස්කයි ත්‍රී (ජපානය), ඔරියන්ටල් ටවර් (චීනය), ක්වලන්පුර් ටවර් ( මැලේසියාව) , මිලාද් ටවර් ( ඉරානය). මේ හැම එකකම නැරඹුම් ඩේක් තියනවා. අමතර අදායම් උපයනවා. ලංකාවේ මිනිස්සුන්ට සංවර්ධනය දෙන්න කලින් මානසික සංවර්ධනයක් දෙන්න ඕනේ. හැම දෙනාටම ගෙවල් හදහද හිටියනම් ඇමෙරිකාව හඳට ගිහිල්ලත් නෑ, චීනය මෙහෙ ඉඩම් ගන්නෙත් නෑ.
කාටද මේක විකුනන්නේ කියල හිතන්න වෙන්න ඇති බලන්න ගියේ.
ලෝකයට යන්න පුළුවන් ඉතාම වටිනා ක්‍රියාවක්, මේ අදහස කාගේ උනත් එතුමාට පිනක්,