( සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (29) අධි පොසොන් පොහෝ දින පෙරවරුවේ කැලණිය පෙතියාගෙඩ පරමාර්ථ ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ ආගමික කටයුතු රැසකට සම්බන්ධ විය.
විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කෙරුණු පැරණි විහාර මන්දිරයේ නව වෙහෙර වහන්සේ ප්‍රකාරය හා දෙමහල් දහම් පාසල් ගොඩනැගිල්ලද ජනාධිපතිවරයා අතින් මෙහෙදී විවෘත කෙරිණි.
ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණි සාම ග්‍රී ධර්ම මහා සභාවේ මහ නායක හිමියන් ,නියංගොඩ විජිතසිරි සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක හිමියන් විද්‍යයෝද්‍ය පරිවේණාධිපති වැලමිටියාවේ කුසල ධම්ම නාහිමි ඇතුළු මහා සංඝරත්නයද අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,බස්නාහිර පළාත් ආණුඩුකාර හේමකුමාර නානයක්කාර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් එක් වුහ.




ඡායාරූප - ශාන්ත රත්නායක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd