දකුණු කොරියාවේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට සෝල් ගුවන්තොටුපළේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර ඒ සඳහා කොරියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය චෝ හියුන්, ජාතික ආරක්ෂක ප්‍රධානී චුන්ග් එයි යොන්ග් ඇතුළු ප්‍රභූවරු රැසක් එක්ව සිටියහ.
කොරියා නිල ජනපති නිවස වන @TheBlueHouseKR යන නිල ට්විටර් ගිණුම හරහා ශ්‍රී ලංකා ජනපතිගේ පැමිණීම ඉහළ තලයේ තබා පණිවුඩ කිහිපයක් නිකුත් කර තිබුණු අතර මෑතකදී කොරියාවට පැමිණි ඉහළ පෙළේ නායකයන් අතරින් මෛත්‍රිපාල සිරිසේන ජනපතිට ප්‍රමුඛස්ථානයක් දී තිබිණි.
ඔවුන් පවසා සිටින්නේ, කොරියාව හා ශ්‍රී ලංකාව අතර වසර 40 ක් පැවතී රාජත්‍රාන්තික සබඳතාව වැඩිදියුණු කරමින් ශ්‍රී ලංකා ජනපති කොරියාවට පැමිණීම ගැන ඔවුන් ඉමහත් සතුටින් පසුවන බවත්, දෙරට අතර මිත්‍රත්වය ඉහළ නැංවීමට මෙය හොඳ අවස්ථාවක් බවත් ය.





2025 නොවැම්බර් මස 04
323
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2140
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1621
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපතිට දකුණු කොරියාවේදී උණුසුම් පිළිගැනීමක්
දිනුෂා Wednesday, 29 November 2017 05:32 AM
ඔය දයා ගමගේ මොකද ඔතන කරන්නේ?