(චමිල් රුපසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් සංවිධානය කරන ලද ඝර්ම කලාපිය රෝග සම්බන්ධව අන්තර්ජාතික සමුඵව අද (08) දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගන්නෝරුව ජාන මධ්‍යස්ථානයේදී ඇරඹිණි.
මහාචාර්‍ය සෑම් කුලරත්න හා මහාචාර්‍ය ආර්. එම්. මුදියන්සේ, ආචාර්‍ය සුසූජි වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සම සභාපතීත්වය මෙම සමුළුව සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් හා දෙස් විදෙස් වෛද්‍යවරුන් ද උගතුන් පර්යේෂකයන් ඇතුළු පිරිසක් සහභාගි වෙති.
ඔවුන්ගේ අලුත් දැනුම, නව සොයා ගැනීම්, නව පර්යේෂණයන් පිළිබඳ දින දෙකක සාකච්ඡා වැඩමුළුවක් මෙයට ඇතුළත් වේ.




COMMENTS
සූ...ගාලා දෙතුන් දෙනෙක් ඉන්නවා. දොස්තරලට ඉගෙන ගන්න ඕනේ නෑ... පෞද්ගලික සේවය පමණි
නුවන් වගේ අයට බෙහෙත් දෙන්න තමා මේ අය සාකච්ඡා කරන්නේ... නිකන් බොරුවට උගතුන්ට බනින්න එපා... නූගත්කම රටටම පෙනුනා.