(නිශාන්ත කුමාර )
ගලඋඩ - මහියංගන 22 කණූව ගොඩිගමුව ප්‍රදේශයේ මාර්ගය අයිනේ පිහිටි දැවැන්ත කොට්ට ගසක් අද (19) අලුයම මාර්ගය හරහා පෙරළී යාමෙන් පැය හතකට ආසන්න කාලයක් එම මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු ඇණ හිටි බව කන්දකැටිය පොලිසිය පවසයි.
වසර ගණනාවක් පැරැණි මෙම කොට්ට ගස කඳ මැදින් පුපුරා ගොස් ඒ අසල තිබූ පොල් ගසක් ද සමග මාර්ගය හරහා ඇද වැටී ඇති අතර අනතුරින් කිසිවෙකුටත් හානි සිදුවී නොමැත.
කඩා වැටුණු ගස අනෙක් පසට ඇද වැටුණේ නම් අසළ තිබූ නිවසක් මතට කඩා වැටී විශාල හානියක් සිදුවීමට ඉඩ තිබිණී.
කෙසේ වෙතත් එහි පැමිණි කන්දකැටිය ප්‍රාදේශීය සභාව, ලංකා විදුලිබල මණ්ඩලය හා කන්දකැටිය පොලිසියේ නිලධාරීහු ප්‍රදේශවාසීන්ගේද මැදිහත්වීම ඇතිව පෙරැළුණු ගස කපා ඉවත් කර මාර්ග අවහිරතාව ඉවත් කිරීමට පියවර ගත්හ.




COMMENTS
ඔය යාන්ත්‍රික කියත බලපත් සහිත එකක්යයි සිතමි.
ජනාධිපති මෛත්‍රී මෙම යාන්ත්‍රික කියත් තහනම් කළා නම්, කොහොමද මෙවැනි ආපදාවලදී ක්ෂණික ගස් ටික කපලා අයින් කරන්නේ?
අපේ රටේ ආපදා කළමනාකරණයේ දුරවල තව හොදට පැහැදිලියි......
ඔය ගස් කපන යන්තරේට බලපත් තිබෙනවද?
සුටුස් ගාල කපන්න නම් යන්තර ඕනෑ නැති නම් විටක් කාල එහෙම කතාවක් බතාවක් කරලා කපන්න පුළුවන් සද්ද බද්ද ආතති නැහැ.