(සිතුම් චතුරංග,රොමේෂ් මධුෂංක)
ගුවන් හමුදාවේ 66 වැනි සංවත්සරය නිමිත්තෙන් වවුනියාව ගුවන් හමුදා මූලස්ථානයේ සංවිධානය කළ ගුවන් හමුදා ප‍්‍රදර්ශනය හා සැණකෙළිය අද (1) ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් විවෘත කැරිණි.
සංහිදියාවෙන් සපිරි රටක් ගොඩනැගීමේ ගුවන් හමුදා මෙහෙවර යන තේමාව යටතේ,උතුරු පළාත් සිංහල,දෙමළ,මුස්ලීම් ජනතාවට ගුවන් හමුදාවේ හැකියාවන් හා වෘතිය නිපුණතාවන් ප‍්‍රදර්ශණය කිරිමට මෙම ප‍්‍රදර්ශනය සංවිධානය කොට තිබිණි.
උතුරු පළාතේ ප‍්‍රථම වතාවට මෙම ගුවන් හමුදා ප‍්‍රදර්ශණය හා සැණකෙළිය වවුනියාව ගුවන් හමුදා මූලස්ථානයේ සංවිධානය කර තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd