
(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
රජිත සේනාරත්න ඇමතිවරයා විසින් රණවිරුවන් සැමරිම සම්බන්දයෙන් සිදුකොට ඇති ප්‍රකාශයයට විරෝධය දක්වමින් ආබාධිත රණවිරුවන් පිරිසක් හා රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ගේ බිරින්දෑවරු පිරිසක් අද (19) ගාල්ල නගරයේ පිහිටි රණවිරු ස්මාරකය අසලදි විරෝධතාවයක නිරත වුහ.
පළමුව මෙම පිරිස රණවිරු ස්මාරකයට පුෂ්පඋපහාරද දැක්වනු ලැබිය.
රාජිත ඇමතිවරයාගේ ප්‍රකාශය හෙලා දකිමින් පොස්ටර් ප්‍රදර්ශනය කරමින් මොවුන් විරෝධතාවයේ නිරතවුහ.
රාජිත ඇමතිවරයාගේ මෙකි ප්‍රකාශය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දක්මින් මෙම පිරිස විරෝධතාවයේ නිරතවුහ.





COMMENTS
සේරගේම ඇස් වහලා මෙතුමා මේ කපාගෙන යන්නේ වෙනත් කෙනෙකුට ජනාධිපති තනතුර කරා ගමන් කරන්න අලුත් පාරක්ය කියලා කියන කට්ටියත් ඉන්නවා.
නියමයි. පුළුවන් නම් පාර්ලිමේන්තුවට ගිහින් සපත්තු දෙකෙන් ගහල පන්නලා දාන්න.
එදත්, අදත් ලංකාවට විදේශික බලපෑම් තියෙනවා. දෙමළ මිනිස්සු ලංකාව ඇල්ලුවේ කටට රහට කන්න දීලා. සුද්දා රට ඇල්ලුවේ හොඳට බොන්න දීලා. ජපානේ වාහන පෙන්නලා රට අල්ලන හැදුවට අමරුවුනේ සාමාන්‍ය ජනයාට වාහන ගන්න තරම් ලොකු සල්ලියක් නැති නිසා. ඉස්සරහට ලංකව පාලනය වෙන්නේ චිනේට ඕනේ විදියට. ඒ ගොල්ලෝ රට ඇල්ලුවේ සල්ලි පෙන්නලා. එහෙව් එකේ දෙපැත්තකට වෙලා මිනිස්සු මරා ගන්නවට වඩා හොඳ නැද්ද... ඉන්න ටිකේ කාලා බීලා සතුටින් ජිවත් වෙලා මැරිලා යනවා නම්. අපේ අයට ලොකුකම බෙදාගන්න බැරිව දඟලන්නේ. කෙසේ වෙතත් දෙමළ ජාතිකයින් සමූල ඝාතනය කරා කියල ද්‍රවිඩ ජාතිකයන් ඇතුලේ වෛරය පතුරන එකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ...
මෙයා බලය ගන්න ඕනෙ දෙයක් කරයි. රටක් ජාතියක් ගැන කැක්කුමක් නම් නැහැ.
රාජිත වැනි කතා කරන තේරුමක් නොදැන කටට ආ පලියට සිහිවිකල්ලෙන් දොඩවන ඇමතිවරු රටටම ශාපයක් . රට බේරා ගත් රණවිරුවනි අපි එදත් අදත් ඔබලා සමගයි .රාජිත වගේ අයට දැන් කෙසේ වෙතත් මේ රටට රණවිරුවනට කරන කියන අපරාද වලට වන්දි ගෙවන්න දිනයක් එනවාම තමයි .
රණවිරුවනි සැමදා ඔබලා අපගේ හදවත් තුල රැදේවි, ඔබලා අපගේ ලක් මාතාවට මහත් අභිමානයක් ගෙන දුන් ලක්මවගේ දිරිය පිරුන වීර දරුවෝ බව මුලුලෝකයටම පෙන්වූ බව ඉතිහාසයේ රන් අකුරින් ලියා අවසන්. කුහක දේශපාලුවන්ට ඔබලාගේ වටිනාකම දැනෙන්නේ නැහැ .
රාජිත කියන්නේ අවස්ථාවාදී බලය ලබාගැනීමට ඕනෑම බයිලයක් කියන්න පුළුවන් කෙනෙක්. දේශපාලනේට නුසුදුසුම කෙනෙක්. ගිය ගිය තැන ඉවරයි.