
(එච්.චන්දන)
ගිනි තබා විනාශ කර එළි පෙහෙළි කරන ලද පුත්තලම වනාතවිල්ළුව සිමෙන්ති සමාගමට අයත් ඉඩම් වල නැවත වන වගා කටයුතු ඉන්සි සිමෙන්ති ආයතනය අනුග්‍රහයෙන් අද (20) සිදුකරනු ලැබීය.
මෙම පැල රෝපණය සඳහා වනාතවිල්ළුව ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් බණ්ඩාරනායකපුර "සුරත්පවුර" සහ වනාතවිල්ලුව "ඒ දණ්ඩ" යන ස්වේච්ඡා සංවිධානයන් වල සමාජිකයින් සිය දායකත්වය ලබා දුන් අතර වනාතවිල්ළුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.









COMMENTS
මෙම පැල සිටවනවාට මුදල් අය කරන්න ඕන... ඔය භූමිය විනාශ කරපු තක්කඩි දේශපාලකයාගෙන්. ඔය මිනිහව තවමත් අත්අඩංගුවට ගත්තේ නැද්ද?
ගස් කොළන්වලට ආදරේ කරන මේ මිනිස්සු ගස් හිටවනවා.අනිත් පැත්තෙන් දේශපාලකයෝ ගස් කපනවා.
එය ජනාධිපතිවරයාගේ නිහ නියෝගයක් ලෙස පෙනේ. එසේ නොමැතිනම්, මෙම පුද්ගලයින් නැවත වගා කිරීමට එතරම් උනන්දුවක් නොදක්වයි. මාර්ගය වන විට, ඔවුන් රෝපණය කරන්නේ කුමක්ද?
රුක් රෝපණය ඉතාම හොඳ වැඩක්. නමුත් අවුරුදු 100ක් විතර පරණ ගස් සේරම විනාශ කරලා. අලුතින් හිටවන ගස් වැඩෙන කල් තව කොච්චර කාලයක් ගතවෙයිද? කරපු කෙනා කාලකණ්ණි සතුටක් භුක්ති විඳින්න ඇති. රජයක් හැටියට විලිලැජ්ජා විය යුතු සිදුවීමක්.. 68 ලක්ෂයේ සුන්දර සිහිනයනේ.. දැන් සතුටු ඇති.
මිල කළ නොහැකි ගස් කැපුවට පස්සේ හිටවන්නේ අඹගස්ද? මගේ මාතෘභූමිය විනාශ කළාට හැම දේශපාලකයෙක්ම වගකියන්න ඕනේ. මෝඩ ජනතාවනි, මිනිස්සු මැති සබේට යවන්න. සත්තු යවන්න එපා.