
(හර්ෂණ තුෂාර සිල්වා)
ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ‘ගෝඨාභය රාජපක්ෂ’ කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය සහ ‘පාතාලයෝ’ කෘතිය කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී අද (6) පස්වරුවේ එළිදැක්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙසත් සහභාගී වූහ.
කෘති ද්විත්වයේ මුල් පිටපත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහනාහිමියන් ප්‍රමුඛ මහ සංඝරත්නයට පිරිනැමුණි.
එහි පිටපත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට පිළිගැන්වූයේ ඉන් අනතුරුව ය.
දිවංගත ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ බිරිඳ වන ලලී කොබ්බෑකඩුව මහත්මියට සහ දිවංගත මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතාගේ බිරිඳ වන මානෙල් විමලරත්න මහත්මියට ද ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතින් කෘති ද්විත්යේ පිටපත් පිළිගැන්විණි.
වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට සහ කමල් ගුණරත්න මහතාගේ බිරිඳ වන චිත්‍රානී ගුණරත්න මහත්මියට ද කෘතියේ පිටපත් පිරිනැමුණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා මෙම උත්සවයේ මුඛ්‍ය දේශනය කළ අතර ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන විශ්ව රාජපක්ෂ මහතා, කමල් ගුණරත්න මහතා පිළිබඳ හැඳින්වීමක් කළේය.
මෙම අවස්ථාවට වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජෙරී ද සිල්වා, විජිත යාපා ප්‍රකාශන සමාගමේ අධිපති විජිත යාපා සහ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම්.කීර්තිරත්න යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ගේ සංදර්ශන දැන් ඉතින් 69ලක්ෂෙට බලබලා ඉන්න තියෙන්නේ.
විග්නේශ්වරන්ට හරි තොන්ඩමන්ගේ පුතාට හරි අලිසබ්රිට හරි කිව්වානම් ඕක දෙමල බසිනුත් එළිදක්වලා දෙයිනේ...
පඬුරු...
මේවා තමයි හාමුදුරුවනේ දැන් අපේ රටට අවශ්‍ය වෙලා තියෙන්නේ...
හරි ෂෝක්. වෙනස සැපයි. දැන් ඉතින් පිටවල් කහගන්න දිහා බලාගෙන වහල්ලුන්ට සැනසෙන්න පුළුවන්.. සිංහරාජෙ කැපුවට ලේ රත් වෙන්නේ නෑ. විල්පත්තුවට විතරයි රිදෙන්නේ..
පාලකයින්ට මුට්ටි අල්ලනවා නම් ඉතින් කොයි කාටත් යහතින් වැජඹෙන්න පුළුවන් නේද? අපිත් ඉතින් මේ නරි නාටක බලබලා ජොලියෙන් ජීවත් වෙනවා වෙන මොනා කරන්නද?
ඔය පවුලේ අයට පමණයි ජනාධිපති වෙන්න පුළුවන් කියලා දැම්මා නම් සේරම සම්පූර්ණයි..
ප්‍රේමදාසත් ඒ කාලේ පොත් ලියවාගත්තා.. මම හිතන්නේ සිංදුත් ලියවාගත්තා වගේ මතකයි.
මගෙන් උණුසුම් සුබපැතුම්...!!!
අනිත් හැමෝම ගැනම පොත් ලියවෙද්දී, ජාත්‍යන්තරයේ අනේකවිධ තර්ජන, ගර්ජන, බලපෑම් හමුවේ නොසැලී සිටිමින්, ජීවිත දහස් ගණනක් බිලිගෙන 34 අවුරුද්දක් පුරා තිබ්බ එල්ටීටී යුද්ධය ඉවර කරන්න නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන පොතක් නොලියවුනේ ඇයි කියලා මම 2015 ජනවාරි ඉඳන් තවම හිතනවා. කොන්දක් නොතිබිච්ච සිංහලයින්ට කොන්දක් දුන්නේ මහින්ද රාජපක්ෂ. යුද්ධය වෙනුවෙන් මහින්ද ජාතියට දුන් අභීත නායකත්වය ගැන ඇත්තටම පොතක් නෙමෙයි ලියැවෙන්න ඕනේ සංදේශ කාව්‍යයක්. "ගිරුවාපත්තුවේ සිට කිලිනොච්චියට" කියලා සංදේශ කාව්‍යයකුයි ලියැවෙන්න ඕනේ.