(රංජිත් රාජපක්ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුළ ඇදහැලෙන අධික වර්ෂාවත් සමගම කාසල්රි ජලාශය පිටාර මට්ටම ඉක්මවා යාමෙන් එම ජලාශය අද (12) අලුයම සිට වාන් දැමීමට පටන්ගෙන ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පැවසූහ.
අක්කර අඩි 60000ක වපසරියකින් යුත් කාසල්රි ජලාශය වසරකට පමණ පසුව වාන් දමන බව විදුලි බල මණ්ඩලය කියා සිටියි.
කාසල්රි ජලාශය වාන් දැමීමත් සමග ඊට පහළින් වූ විමලසුරේන්ද්‍ර ජලාශයද වාන් දැමීමට පටන්ගෙන ඇති අතර එම ජලාශ දෙකම වාන් දැමීම නිසා කැළණි ගඟේ ජල මට්ටමද තරමක් ඉහළ ගොස් ඇති බව විදුලි බලාගාර ඉංජිනේරුවරු කියා සිටියහ.
මවුස්සාකැලේ ජලාශයද පිටාර මට්ටමට ආසන්න වී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"බටගොඩගේ " සිහිනය මියයයි.
රටේ සෞභාග්‍යමත් කාලය එළෙඹෙන බවක් තමා ජනතාවට තේරෙන්නේ. මදිද පරිප්පු කෑව අවුරුදු හතටක්ම
කලට වැසි වැටෙන්නේ පවතින රජයේ දැහැමි බව නිසා මිස අනාගතයේ ඇතිවන රජයේ බලපෑමට නොවෙයි කියා තේරුම් ගැන්න සුජීව සිල්වා
ස්වභාව ධර්මයටත් දේශපාලනය ගාවගන්න රටක් මේක. 225 ගැන කවර කතාද ඉතින්?