ශ්රී ලංකා නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය මගින් කැස්බෑ පැටවුන් 25 ක් සාගරයට මුදාහරින ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය මගින් කැස්බෑ පැටවුන් 25 දෙනෙක් සයුරට මුදා හැරීම අද (2020 මාර්තු 14) සිදු කරන ලදි.
වඳවී යන කැස්බෑ සත්ව විශේෂය සංරක්‍ෂණය කොට සාගර පරිසර පදිධතියේ ජෛව විවිධත්වය ආරක්‍ෂා කිරීම මූලික අරමුණ කර ගනිමින් වර්තමාන නාවික හමුදාධිපති සහ සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතියක් වන ගිණිකොණ නාවික විධානයේ පානම කැස්බෑ සංරක්‍ෂණ මධ්‍යස්ථානය තුළ සංරක්‍ෂණය කර ආරක්‍ෂිතව රැකබලාගත් කැස්බෑ බිත්තර තුළින් පිටතට පැමිණි කැස්බෑ පැටවුන් 25 ක් සාගරයට මුදා හැරීම අද (14) සිදු කරන ලදී.
තවද, සාගරික සම්පත් සුරැකීම ඉතාමත් වැදගත් කාර්යභාර්යක් ලෙස ශ්රී ලංකා නාවික හමුදාව හදුනාගෙන ඇති අතර, ඉතා කාර්යක්‍ෂම ශ්‍රම බලකායකින් යුතු නාවික හමුදාව දිවයින වටා සමස්ථ වෙරළ තීරය ආවරණය වන පරිදි සාගරික සම්පත් සුරැකීම වෙනුවෙන් මහත් කාර්යභාරයක් ඉටු කරමින් සිටියි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගය කළයුතු සේවාවක්. මෙම සේවාව අපේ අනෙකුත් වනජීවින් ආරක්ෂා කර ගැනීම දක්වා වැඩි දියුණු කිරීමට හැකිවේවා යයි ප්‍රාර්ථනය කරමු !
ඔබ සැමට සුබපැතුම්...!!!
හොඳ වැඩක් කරලා අන්තිමේට වැඩේ කෑවා. නැද්ද? කවුද හිරු එළිය තියෙන වෙලාවට කැස්බෑ පැටව් මුහුදට දාන්නේ ?
ප්‍රශංසා කළයුතු ඉතාමත් අගනා ක්‍රියාවක්. මේ පැටවුන් බිත්තරෙන් එළියට ඇවිත් සති දෙක තුනක්වත් කටුව සවිවනතුරු තාවාලිකව තබාගත යුතුයි. නොඑසේනම් මේ සතා අන් සතුන්ගේ ආහාරයක් වනු ඇත.