(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය අර්ධද්විපයේ ප්‍රථම චෛත්‍යයේ කොත පැළදවීමේ උළෙල අද (2) දින උත්කර්ශවත් අන්දමින් දලුව ශ්‍රි සුමනාරමයේ දී සිදු විය. බුද්ධ ශාසන හා අධිකරන නියෝජ්‍ය අමාත්‍ය සාරතී දුෂ්මන්ත මිත්‍රපාල සහ කල්පිටිය ශාසනාරක්ෂ බළ මණ්ඩලයේ ප්‍රධාන ලේකඛාධිකාරී මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන් විසින් මෙම කොත පළදවන ලදී.
පුත්තලම් දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුවේ සභාපති වන පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියන්ගේ උපදෙස් මත සිව්මසකින් මෙම චෛත්‍යය ඉදි විය.
මෙම අවස්ථාවට පුත්තලම දිසා ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද ඇතුලු ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරී ප්‍රභූවරුන් රැසක්ම සහභාගී වූහ.


2025 නොවැම්බර් මස 17
83
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
922
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2539
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කල්පිටියේ ප්‍රථම චෛත්‍යයට කොත පළඳවති
erdi Thursday, 02 November 2017 06:54 PM
හොඳ වැඩක් සුමිත්ත හාමුදුරුවනේ. කල්පිටිය පැත්තේ බණක් ශීල ව්‍යාපාරයක්වත් කරන්න බැරි තත්වයක්ලු තිබුනෙ. සිංහල පළාත්වල ඕනෙම ආගමකට තමන්ගේ වැඩකටයුතු බාධාවකින් තොරව කල හැකිනම් බුද්ධාගමට ඇයි මේ කෙනෙහිලිකම්.
ඉඳුනිල් Friday, 03 November 2017 02:50 AM
මෙන්න කරන්න ඕන දේවල් ... හොඳ වැඩක් ...
alstar baily Friday, 03 November 2017 04:42 AM
මේක දෙවියන්ගේ දේශය උනත් අපි සත්‍ය ආගමික සංහිදියාවට කැමතියි...
Athula k Friday, 03 November 2017 07:25 AM
දෙවියන්ට දීලා තියෙන්නේ සන්නසකින්ද?
Channa Friday, 03 November 2017 08:12 AM
අපි දන්නෙත් නැතුවම මේක දෙවියන්ගේ දේශය වෙලාද ??? අනේ කාලේ, වනේ වාසේ කිව්වලු. ඔය කට්ටියටත් ඔහොම කියන්න මේ සංහිදියාවේ පරම සංකේතය වන බෞද්ධයන් ඉන්න නිසා හොඳේ. වෙන රටක කිව්වා නම් දන්නවනේ වෙන දේ .
chaminda Friday, 03 November 2017 10:03 AM
කොත තියෙන රූපය නැහැනේ. එ්කෙත් දේශපාලකයෝමයි ඉන්නේ...
සිංහවංශ Saturday, 04 November 2017 07:43 AM
පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුව දක්වා ඕනෙම තැනක බෞද්ධාගමික කටයුත්තකට කිසිවෙකුට විරුද්ධවිය නොහැකියි. මේ රට තෙවරක් බුදු සසුනට පූජා කරපු බිමක්. අපේ රට දැන් පාලනය කරන ඉතිහාසය නොදන්නා ගෝලීයවාදීන්, මුස්ලිම් ආක්‍රමණිකයින් හා දෙමල බෙදුම්වාදීන් මෙය හොඳින් දැනගත යුතුයි. සිංහලයා පීඩනයට පත් කිරීම උපරිමයකට පත්වී තිබෙනවා. කොහේ තියෙන දෙවියන්ගේ දේශයක්ද ලංකාව?