(දිලීප් ජයසේකර)
වෙඩි ප්‍රහාරයට ලක් වු කිරි වෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියෝ වැඩිදුර ප්‍රතිකාර සදහා අද (13) හම්බන්තොට මහ රෝහලේ සිට ගුවනින් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන යනු ලැබීය.
කිරිවෙහෙර රාජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන් ඊයේ (12) රාත්‍රි 10.15ට පමණ කිරි වෙහෙර මළුවට ගොස් කිරිවෙහෙර වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු නැවත ප්‍රධාන ආවස ගෙය දෙසට පැමිණෙමින් සිටියදී කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩ සිටින දෙවෙනි මළුවේදි වෙඩි ප්‍රහාරයකට ලක් විය.
වෙඩි ප්‍රහාරය හේතුවෙන් නා හිමියන් සමග පැමිණි කතරගම මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය වීදාපොල සොභිත හිමියන්ද තුවාල ලැබිය. තුවාල ලැබූ කිරිවෙහෙර නාහිමියන් ඇතුළු අනෙක් හිමි නම රාත්‍රියේදීම කතරගම රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව වැඩි දුර ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කෙරුණි.
පසුව කිරිවෙහෙර නාහිමි කොබවක ධම්මින්ද හිමියන් වැඩි දුර ප්‍රතිකාර සදහා අද (13) ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් SUH 522 දරණ හෙලිකොප්ටර් යානයෙන් කොළඹ පුද්ගලික රෝහලක් වෙත රැගෙන එනු ලැබිය.
නාහිමියන්ගේ උදරය ප්‍රදේශයට හා දකුණු අතට වෙඩි වැදී තිබේ.හම්බන්තොට මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා පැවසුවේ අද13 අලුයම නාහිමියන්ට සැත්කමක්ද සිදු කළ බවයි.
තුවාල ලැබු වීදාපොල සෝභිත හිමියන් තව දුරටත් හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර වෙඩි තැබිම සම්බන්ධයෙන් වු සැකකරුවන් මේ වන විට හදුනාගෙන සිටි. ඔවුහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදු කෙරෙති.







(ඡායාරූප - දිලීප් ජයසේකර)

ඡායාරූප - සනත් ගමගේ
COMMENTS
පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. පොලිසිය මේ වන විට අපරාධය පිලිබඳ සැකපිට කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙනවා. ඒ වගක් සඳහන් නොකර දේවාලයක අයිතිය පිලිබඳ ගැටළුවක් නිසා සිදුවී ඇති මෙම අපරාධය පිළිබඳව දේශපාලන ප්‍රකාශ සිදු කරන සියලුම දෙනා පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.
මෙම පූජනීය කර්තවයට උරදුන් ගුවන් හමුදාවට අපගේ ප්‍රණාමය! අති පූජ්‍ය නායක ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු .
යූටියුබ් එකේ සර්ච් කරලා බැලුවා නං මේ කොයි වගේ කෙනෙක්ද කියලා දැනගන්න පුළුවන් වීඩියෝ එක්කම...
මේ හමුදුරුවන්ට නඩත්තු නඩුත් තියෙනවා කියන්නේ, දැන් ළමයි අඹුදරුවන් හන්දා වැලපෙනවා ඇති !!!
මේවා මණ්ඩල ඇතුළේ ක්‍රියාකාරකම් වගෙයි ..විනය පිටකය අකුරටම පිළිපැද්ද අපේ ශික්ෂාකාමී සුපේශල හිමිවරුන් නම් මෙවන් අභාග්‍යයන්ට මුහුණ පාලා නැහැ .අපිට කියන්න තිබෙන්නේ අනේ කාලේ වනේ වාසේ කියල තමයි .
ඉක්මන් සුවය පතමි.
හාමුදුරුවරුන්ට වෙඩි තියනවා. තව හාමුදුරුවරුන්ව හිරේ දානවා. උතුරෙන් පන්සල් ඉවත් කරන්නලු. නීතිය සැමට ඉහලින් ක්‍රියාත්මක විය යුතුයි. එහි විවාදයක් නෑ. සැමට සාධාරන විදියට. හැබැයි එතැනදී කිසිම ජාතියක්, ආගමක් හෝ කුලයක්, ඉලක්ක වෙන්න බැ. යුද්ද කලේ දුක් වින්දේ මුළු රටේම ජනතාව.. නැවත එවැනි යුගයක් අපට අවශ්‍ය නැ...
ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප ගැන. පුදුමම කනගටුවකුයි දැනෙන්නේ ..
රටේ පාලකයින්ගේ දුර්වලකම්, හැම තැනම පිරිහිලා මිනිසුන්.