
(සුරියවැව දිලීප් ජයසේකර)
හම්බන්තොට වෙරළ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (15) උදෑසන හම්බන්තොට වෙරළ තීරයේදී රළමත ලිස්සා යාමේ ක්‍රීඩාවේ (සර්පින්) නිරත වීය.
මේ සදහා නාමල් රාජපක්ෂ මහතාගේ ක්‍රිඩා පුහුණුකරු වන ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් ටේලර් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.
මීට සමගාමීව ඊයේ (14) රාත්‍රියේදී හම්බන්තොට වෙරළ උද්‍යානයේදී වෙරළ වොලිබෝල් හා වෙරළ පාපන්දු තරග ඉසව් කිහිපයක්ද පැවැත්විණි.




COMMENTS
ඔන්න පටන්ගත්තා. ක්‍රීඩා ඇමතිගේ රාජකාරිය රජයේ මුදල් නාස්ති කරකර ක්‍රීඩා කිරීම කියලා මේ ඇමති හිතාගෙන ඉන්නේ. ගියවාරේ තාත්තව පමණි, මෙවර තාත්තවයි, බාප්පවයි දෙන්නවම ඉවරකරලා තමයි මෙයා පස්ස බලන්නේ. අනේ මට දුක මම ගෝඨාභයට දුන්න ඡන්දෙ නිසානේ... අද මේවගේ දේවල් බලන්න වෙලා තියෙන්නේ...
මෙහෙම රළ මත ලිස්සන්න පුළුවන් ක්‍රීඩා ඇමතිලා ඉන්නේ මොන රටේද?
ඕස්ට්‍රේලියානු උපදේශකටත් පඩි ගෙවන්නේ ඡන්ද දායකයාගේ අතින්ද? ක්‍රීඩාව කෙසේ වෙතත් තමන්ගේ වැඩේ නම් ඉහළින්ම කරගන්න හැඩයි..
කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බළලෝ කිව්වලු...
අර 69 ලක්ෂයත් යන්න නාමල් බේබිත් එක්ක මුහුදට...
පරණ සිංදුවක් මතක් වුණා. ‘‘මගෙ නාමලී ඔරුවේ නැගී.... පෙම් පණිවිඩේ පාවී ගඟේ...‘‘
හරිම හොඳයි... ආඩම්බරයි.
තවම පටන්ගත්තා විතරයි. ඔය පැත්තේ ඉන්න අයට මේවා මැජික්. ඔවුන්ට තේරෙන්නේ නැහැ මේ වියදම් වෙන්නේ තමන්ගේම සල්ලි කියලා. තව ටික දවසකින් මෙයාගේ පරණ "නිල් බලකාය" කියන රස්තියාදු කාරයින් ටිකත් එකතු කරගනීවි. ඔය නිල් බලකායේ අය ඒ කාලේ හිතාගෙන හිටියේ ලංකාවේ ඕනෑම තැනක ඕන වැඩක් ඔවුන්ට හිතුණු හිතුණු විදිහට කරන්න පුළුවන් කියලා. නමුත් 2014දී විතර (මහින්දගේ කාලයේ) මගේ හිතවතුන් පිරිසක් විසින් කලින් වෙන්කරගන්නා ලද හෝටලයක රෙස්ටුරන්ට් අසුන් වගයක් ඔවුන්ට ඉල්ලා නිල්බලකායේ පිස්සන් වගයක් පැමිණ වලියක් ඇදගත්තා. තමන් නාමල්ගේ මිතුරන්, තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන්.. කියලා. හෝටලේ අයිතිකරුවන් අසරණ වුණා. දේශපාලන බලය නිසා. අපේ මිතුරන් ප්‍රශ්නය තේරුම් අරගෙන කෑමත් නොගෙනම පිටවුණා. අපි මීගමුවේ.. අපි ඔය බයියන්ට බය මිනිස්සු නොවෙයි. අපි පස්සේ හමුවෙමු කියලා මිතුරන් ටික හෝටලයෙන් පිටත මාර්ගයේ රැඳී හිටියා.
ඉරහඳ දෙස බැලුවන් සැමදා උදේහවා... පේනවා වෙනස ඕනෑ කෙනෙකුට උදේහවා... සජි පුතයි මේ පුතයි දෙස බැලූ කල... පාට හැරෙන්නට නැත කිසිවක් වෙනසකට...
ගිය සැරේ කාර් රේස් මෙදාපාර.. මෙන්න මෙයාලට රටේ ප්‍රශ්න දැනෙන හැටි... කාට කියන්නද? මෙයා එක්ක ෆොටෝ එකක් අරන් ෆේස් බුක් එකේ දාගෙන සතියක් දෙකක් ඉන්න පුළුවන්නේ...
ජනාධිපතිතුමනි, නැවත ඇමෙරිකානු පුරවැසිකම ඉල්ලගන්න.. මේ වැඩ නිසා මේ අයට හිතුවාටත් වඩා කළින් ගෙදර යවන එක සිකුරුයි.
ක්‍රීඩා කෙසේවෙතත් ක්‍රීඩා ඇමති නම් දියුණු වෙන්න වගේ හදන්නේ, මහජන මුදලින් පුහුණුකරුවන් ගෙන්නලා...
සුනාමිය ගියාට පස්සේ වැළපිලා ඵලක් නැහැ දැන්...
උඩපැනගෙන ඡන්දෙ දුන් අයට දැන් සැපද?
ක්‍රීඩා පුහුණුකරුට මෙච්චරකල් පඩි ගෙව්වේ මන්ත්‍රී වැටුපෙන් වෙන්ටැති. පරණ නාස්තිකාර නාඩගම් ආයෙත් පටන් ගන්නයි හදන්නේ...
මේක නම් නොදන්නා හින්දමයි අහන්නේ. සර්ෆින් කියලා මම හිතුවේ මේ බෝර්ඩ් එකේ හිටගෙන මුහුදු රැල්ල යන විදිහට බැලන්ස් කරගෙන යන එකට. ඒකට වේව් ස්ලයිඩ්න් කියලත් කියනවා. කොහොම වුණත්, දැනටත් ක්‍රීඩාවේ යෙදෙන, ඒ වගේම එක ක්‍රීඩාවක් නෙමෙයි ක්‍රීඩා බොහෝ ගණනක් දන්න තරුණ ක්‍රීඩා ඇමතිවරයෙක් ලංකාවට ඉන්න එක ආඩම්බරයක්. නාමල්ට මගේ සුබ පැතුම්... ලංකාව වටේ මුහුද තිබ්බට ගංගා වැව් සිය ගණන් තිබ්බට පීනන්න දන්නේ කීයෙන් කීදෙනාද? මේවා තරුණ සංචාරකයන් රටට ගෙන්වා ගන්න හොඳ ආකර්ශනයක්... නාමල්ගේ ආරාධනාවකට පාලිත කරපු කතාවක ඒ ගැන කියලා තියෙනවා මම දැක්කා...
තාම මෙයාලා ලිස්සලා යන්න පටන් ගත්තේ නෑ. තව ටිකක් ඉවසන්නකෝ ලිස්සලා ගිහින් මහජනතාවට කොකා පෙන්වන හැටි බලන්න.
දැන් මෙයා කෝච්චියෙන් ගිහින් ඉවරයිද?
විජිත්, ඔය කිව්ව නිල්බලකාය කියන රස්තියාදු කාරයෝ හින්දා ගම්වල සමහර ගැහැණු ළමයිනුත් මුලා වුණා.
මේකෙන් රටට ඇති ප්‍රයෝජනය කුමක්ද? යුවරජ බව ජනතාවට ඇඟවීමටද?
ලංකාවේ මිනිස්සු කිසිම දවසකවත් හැදෙන්න. අද මේ කට්ටියට ඡන්දෙ දෙනවා. හෙට අර කට්ටියට දෙනවා. කිසිම කෙනෙක් රට හදන්නේ නැහැ.
ඔක්කොම දැන්ම ඉඳලාම මහජන මුදල්වලින් කේක් එක අයිසින් කරනවා.
සමහර කමෙන්ට් දැක්කාම හිනායනවා. මම හිතන්නේ අපේ රටේ සමහර මිනිස්සුන්ට හීනමානයක් තියෙන්නේ. සර්ෆ් කරන්න රජපවුලේ වෙන්න ඕනෑද? ඔය මිරිස්ස පැත්තේ කොල්ලොත් යන්නේ. පිස්සුද මන්දා මේ මිනිස්සුන්ට? ඊර්ශ්‍යාව, ක්‍රෝධය ඇතිකරන්න එපා. හොරකමක් කළොත් පෙන්වා දෙන එකයි වැදගත්...
මේ සැරේ තාත්තාවයි, බාප්පාවයි දෙන්නම එක සැරේ ගෙදර යවන්න පුළුවන්. තව කාර් රේස් ටිකකුත් පදින්න. ඇමතිතුමා පත් කලේ ඕවට නෙවෙයි. රටේ ක්‍රීඩා දියුණු කරන්න. තාමත් තියෙන්නේ ළදරු මානසිකත්වයක්. තාත්තාගෙ අහලකින්වත් තියන්න බැහැ.
පළවෙනි ඡන්ද ප්‍රතිඵලය නිකුත් වුණා... තව ඒවා එයි ඉස්සරහට..
ඇහුවට තරහ වෙන්න එපා, මෙතුමා ක්‍රීඩා ඇමතිද.? සංචාරක ප්‍රවර්ධන ඇමතිද.?
ගියපාර තාත්තට ගෙදර යන්න වුනේ මේ පුත්‍රයෝ ටික නිසා. මේ පාර බාප්පට ඒ ටිකම වෙනවා අනිවා.
මේ පාරත් කෙළවාගන්න තමයි හදන්නේ...
කෝ රළ මත ලිස්සා යාමේ එකම ෆොටෝ එකක්වත් නැහැනේ.. සර්ෆින් බෝඩ් එක බදාගෙන තමයි ඉන්නේ... මං හිතන්නේ රළ දැක්කාම බය හිතෙනවා වෙන්න ඇති. තාම හරියට පුහුණුව මදි වගෙයි පේන්නේ..
නාමල් රාජපක්ෂ මහතා මෙම ක්‍රීඩාව ඇතුලුව බොහෝ ක්‍රීඩා රැසක් ප්‍රගුණ කරමින් සිටින්නේ කාලයක සිටයි. ඔහු විපක්ෂ මන්ත්‍රී අවධියේත් ඒ කාර්යන්හි නිරත විය. නමුත් ඔහු විසින් මේ සැම අදම පටන් ගත් ආකාරයක් හැඟෙන පරිදි මෙමගින් බලාපොරොත්තු වන්නේ යූ.එන්.පී. හා ජ.වි.පේ. පාක්ෂිකයන් ලවා පහර ගැස්සවීම බව කමෙන්ටු දැමීම ආදියෙන් පෙනී යයි.
ලිස්සන වයසේ ලිස්සන්නේ නැතිව වයසට ගිහින් ලිස්සන්නයැ...