(නිමල් ජයරත්න)
තම වී වගාවන්ට ජලය ඉල්ලා දිඹුලාගල කොට්ඨාසයේ ගොවීහු පිරිසක් අද (21) පොළොන්නරුව - මඩකලපුව මාර්ගය මනම්පිටියේ දී අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.
මාදුරුඔය ජලාශයේ ප්‍රමාණවත් ජලය නොමැතිකමින් මෙවර වී වගාවට ජලය 50%ක් ලබාදීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් පියවර ගැනීමත් සමග ගොවීහු උද්ඝෝෂණය ආරම්භ කළහ. අක්කර දෙක හමාරක වී වගාවට සම්පූර්ණ ජලය ලබාදෙන්නැයි දිඹුලාගල, ඇල්ලේවැව, මහදමන, මහඋත්පත ගොවීන් 1500ක් පමණ මාර්ගය අවහිර කර උදලු ද රැගෙන උද්ඝෝෂණයට එක්ව සිටියහ.





COMMENTS
ඔයාලගේ හාල් අපිට එපා. අපි පිටරටින් ආනයනය කරලා ජනතාවට කන්න දෙනවා.
ඔයාලගේ ගොවි රජානේද දැන් ජනාධිපති?
බොහෝඅයට ස්වභාවධර්මයට අනුකුලව කාලගුණික රටා සහ විපර්යාස තේරුම් ගැනීමට තවමත් නොහැකි තත්වය පැහැදිළිය. ගිගුරුම් සහිත අන්තර් මෝසම් හා බක්මහවැසි වැටෙන කාලය පසුවෙමින් ඇත. ගංගා පටන් ගන්නා මධ්‍යම කඳුකරය ද ක්‍රමයෙන් වියළෙමින් පවතියි. කඳුකරයට වැසි වැටී ජලාශ පිරෙනවා නම් ජලය නොදී ඉන්න එකක් නැහැ නේද? ගොඩ ගොවිතැන් කරන උදවියත් ඔතැන ඉන්නවා නම්, මේ සිද්ධ වෙන්නේ වෙනත් දෙයක් නේද?
වැසි නතුවහම අහසට වෙඩි තියන ඇමතියෙක් උන්න. බැරිද මිනිහව හොයලවත් මේකට විසඳුමක් හොයාගන්න.
ගොවිමහතුනි " අපි වැව්වොත් අපි කෑවා" පක්ෂයට ඡන්දය දෙන්න. ඔබලාගේ ප්‍රශ්න වලට පිළිතුරු හොයන එකම පක්ෂය තමා "අපි හෙවුවොත් අපි කෑවා " පක්ෂය...
දිසානායක.. ඔයත් පිටරටම නවතින්න. අපේ ගොවියොත් වෙනස් වෙන්න අකමැති නැ