(රංජිත් රාජපක්‍ෂ)
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඊයේ(29) පස්වරුවේ සිට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාවත් සමග කාසල්රි ජලාශයට ප‍්‍රධාන වශයෙන් බගවන්තලාව මහඑළිය රක්‍ෂිතයේ සිට ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගලා තිබේ.
එම පිටාර ගැලිම හේතුවෙන් බගවන්තලාව බොගවානා වතුයායේ වතු නිවාස 10ක් ජලයෙන් යටවි ඇති අතර නොර්වුඩ් කි‍්‍රඩාංගණය සහ නොර්වුඩ් පොලිසිය ඉදිරිපිට නිවාස 25ක් පමණ ජලයෙන් යටවි ඇත.
එහි අවතැන්වුවන් මේ වන විට ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරිමට පොලිසිය පියවර ගෙන තිබේ. ඉහළ කොත්මලේ ජලාශයේද වාන් දොරටු 3ක් ඊයේ(29) රාත්‍රී සිට විවෘත කර ඇති නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔයේ ජලය පරිහරනය කරන අය විමසිල්ලෙන් සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවරු ඉල්ලා සිටිති.








(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.