ජුඩ් සමන්ත
කල්පිටිය - කන්දකුලිය මෝය දැවැන්ත වැලි පරයකින් වැසී යාම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්ව සිටින බව එම ප්‍රදේශයේ ධීවරයෝ පවසති. කන්දකුලිය ප්‍රදේශයේ ධීවර සමිති 06 ක් ආශ්‍රිතව ධීවර පවුල් 700 කට ආසන්න ප්‍රමාණයක් ජීවත් වන අතර,ඔවුන් සතුව එක් දින යාත්‍රා 300 කට ආසන්න ප්‍රමාණයක් ඇත. මෙම සියළුම ධවර යාත්‍රා මුහුදට පිවිසෙන්නේ කන්දකුලිය මෝය කටෙනි. නමුත් සෑම වසරකම මේ කාලයේදී මෙකී මෝය කට දැවැන්ත වැලි පරයකින් වැසී යයි.
ධීවර සමිති විසින් විටින් විට යන්ත්‍ර යොදා ගෙන මෙකී වැලි පරය ඉවත් කිරීමට කටයුතු කරන අතර, එය තාවකාලික පැළැස්තරයක් පමණක් බව ඔව්හු කියති. පවතින මෙම තත්ත්වයට ස්ථීර විසදුමක් ලබා දෙන බව අවස්ථා කීපයකදීම තම ගමට පැමිණි දේශපාලකයින් පොරොන්දු රැසක් දී තිබුනත් ඒ සියල්ලද මේ වන විට වැලි කන්ද සමග වැසී ගොස් ඇති බව කන්දකුලිය ධීවරයෝ කියති.
වැසී ඇති වැලි කන්ද මතින් දිනපතා බෝට්ටු එහා මෙහා කිරීම සදහා අමතර වැයක් තමන්ට දැරීමට සිදුවී ඇති බවත්, වාරකන් සමයේ අඩු මාළු අස්වැන්නක් ලැබෙන මේ කාලයේ පවතින තත්ත්වය තමන්ට කෙසේවත් ඔරොත්තු නොදෙන බවද ඔවුන් කියා සිටිති.







2025 දෙසැම්බර් මස 18
43
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
131
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
930
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කන්දකුලියේ මෝය කට වැසීයාමෙන් ධීවරයෝ අමාරුවේ වැටෙති
kumar (galf) Monday, 01 May 2017 05:39 AM
දේශපාලන වැලි මුදලාලි කෙනෙකුට නිකන් වැලි ගෙනියන්න අවසර දෙන්න. මෝයකටත් ඇරේවි. මුදලාලි තර වෙවී. දේශපාලනඥයාගේ මල්ල සරුවේවී...