(කේ. ඩී. දේවපි‍්‍රය)
කතරගම නගරයේ අවිධිමත් වෙළඳ සංකීර්ණ ඉවත් කර එම ව්‍යාපාරිකයන් සඳහා නව වෙළඳ සංකීර්ණයක් ඉදිකර අද (30) අග‍්‍රාමත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කෙරිණි.
කතරගම නගරය වෙත දිනපතා පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ගේ ආකර්ෂණයට ලක්වන අයුරින් කතරගම සංවර්ධනය කිරීම නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ වනවිට ආරම්භ කර තිබේ.
මෙම වෙළඳ සංකීර්ණය රුපියල් මිලියන 430 ක වියදමක් දරා අදියර 3 ක් යටතේ ඉදිකෙරෙන අතර, එහිදී ව්‍යාපාරික ස්ථාන 321 ක් ඉදි කිරීමට නියමිතය.
2019 සිට 2030 දක්වා කාලය තුළ කතරගම නගරය, පුජාභුමිය, වැඩිහිටිකන්ද පුදබිම, සෙල්ල කතරගම මහසෙන් රාජමහාවිහාරය, සෙල්ල කතරගම වල්ලිමාතාගල්ලෙන් විහාරය ඇතුළු පුදබිම් හා රථගාල්, වන්දනා බැතිමතුන්ගේ නවාතැන්පොළවල් වැනි ස්ථාන මෙම ව්‍යපෘතිය මගින් සංවර්ධනය කෙරේ.
මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ සංවර්ධන යෝජනා මත මෙය ක්‍රියාත්මක කෙරේ.
මෙම වැඩසටහන සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර, නියෝජ්‍ය කතානායක අනන්ද කුමාරසිරි, කතරගම ප‍්‍රදේශීය සභාවේ සභපති චානක අමල් රංගන, කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිළමේ දිල්රුවන් රාජපක්ෂ යන මහත්වරු, කතරගම ප‍්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු ඇතුළු කතරගම ප‍්‍රදේශවාසීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
අම්මපා දැක්කොත් ඇති අපතයෝ ටික..// සුදුරෙදි පෙරෝගෙන ඇත ඔලුවේ සිට..// දෙවියන් යදින්න යන පුලුටෝ ගොඩ..// අනේ මෙහෙමත් මිනිසුන් නොදැක නැත..//
සුත්තරය පස්සෙන් ගොට්ටන් පිරී ඇත..// යදිනව බලු පොරයෙන් පසු හොඳ පුටුවලට..// දන්නවා ඔක්කොම හොඳහැටි ඇනෙන බව..// දොහොත් මුදුන් තබා වඳිව් බේරුමට..//
මූසල මුහුණු දැක්කත් ඇති නැහැ කැඳවත්ම..// එනමුත් බලෙන් හිනාව ගත්තා නොවේද..// බැලුවේ කුමක් ලියා ඇතිදැයි හොඳහැටි එබීබලා..// දැක්කේ අම්මා මතක්කර ඇතිබව පැහැදිලිව..//
රවීන්ද්‍ර එතකොට මරා සිරියාවන්තද?
ප්‍රභාත් මයා හට කීමට ගොඩක් ඇති බව කියන්නෙමු..// කිසිදින කොතන මරා සිරියාවන්ත බව කියා තිබේද...// යකා වුණත් හොඳ කලොත් අපට හොඳ ලෙසය..// සුත්තරයත් මරාත් පතෝලයත් නැහැ වෙනසක් අපට..//
ඒ විදියට ගරහන්න එපා. දැන් බලන්න වසර ගණනාවක් දේශපාලනේ කරපු පිරිසක් ඉන්න පක්ෂයක් සහ එම පාක්ෂිකයින්ට තෝන් ලණුව දාලා තමන්ට ඕනෑ විදියට හසුරවනවා. රට කාපු දේශපාලඥයින් ඉන්න පක්ෂ සහ පාර්ලිමේන්තුවට තෝන් ලනුව දාලා රටේම මුළු විධායක බලතල තමන් අතට එන්න හීන් නූලෙන් පාර කපා ගත්තා. මේ සේරම කලේ අඩු තරමින් තුනෙන් දෙකේ බලයක්වත් නැතිව. ඉතින් මේ වගේ දක්ෂ පුද්ගලයෙකුට රට දුන්නොත් ඇමෙරිකන්කාරයා ආවත් උන්ටත් තොන්ලනුව දානවා ෂුවර්. මේ තනි පුද්ගලයාට මහා දවල් රැවටුණු අමනොඥ දේශපාලනඥයින්ට බලය දුන්නොත් රටම අනතුරේ... මේ මෝඩයින් නැවතත් ඕනෑම ගොනෙකුට රැවටෙන්න පුළුවනි. ඒ නිසා හුරේ දාලා, විහින් වලේ වැටුණු ගොබ්බයන් රැලකට බලය දෙනවා වෙනුවට, මේ කපටි, කෛරාටික, කූට, උපායශීලි පුද්ගලයාට රට භාරදී බලමු...