(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
කිතුණු පුතුන් 5 දෙනෙකු වෙත පූජක සේවාවරම් ලබා දීමේ විශේෂ දිව්‍ය පූජා මෙහෙයක් (01) පෙරවරු කාර්මෙල් දේව මාතාවන් නමින් කැපකර ඇති හලාවත ආසන දෙව් මැදුරේදී හලාවත රදගුරු අති උතුම් දෙව්ශ්‍රිත වැලන්ස් මෙන්දිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මේ වනවිට තේවාචාරීන් වශයෙන් කටයුතු කරන දංකොටුවේ ටෙක්සි ප්‍රිමාල් ජෝශප් පිල්ලේ, යක්කඩුවේ සියඹලාපිටියගේ රංගන සඳරුවන්, ඉරණවිල පරදකුල චාමිල ප්‍රියංග ටිරාන්දු, මීගමුව පිටිපන මිහිඳුකුලසුරිය ඉරේෂ් චතුරංග ප්‍රනාන්දු , කිරින්දේගම වර්ණකුලසූරිය මාක් වැලන්ස් ප්‍රනාන්දු යන කිතුණු පුතුන් පස් දෙනා මෙහිදී ගිහි ජීවිතයට සමුදී සිය දෙමාපියන්ගෙන් අවසර ලබා මෙම පුතුන් හලාවත අද ගුරුහිමිපාණන් හමුවේ දිවුරුම් සමිඳාණන්ගේ මිදි උයනේ සේවය කිරීමට කැපවන බවට පොරොන්දු වෙමින් පූජක සේවාවරම් ලැබුහ.
මෙම දිව්‍ය පූජා මෙහෙය පැවැත්වීම සඳහා හලාවත පදවි අනුනායක ප්‍රසාද් චමින්ද පියතුමාණන් සහ මහනුවර අම්පිටිය ජාතික දෙව්සත් හලේ අධ්‍යක්ෂ එක්ස්පෙඩ්ටස් ජයකොඩි පියතුමාණන් සහය වුහ. නවක පූජක පුතුන්ගේ දෙමාපියන්, ඥාතින්, හිතවතුන් මෙන්ම හලාවත පදවියේ සියළු කිතුණු පූජකවරුන් කන්‍යා සොයුරියන්ද මෙම අවස්ථාවට එක්විය.
මෙම නවක පූජක පුතුන් හලාවත කිතුණු පදවියේ මීසම් වල දේව සේවය සඳහා අනුයුක්ත කරනු ඇත.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිංහල බෞද්ධ රටේ මෙව්වට ඉඩදෙන්න බැහැ.
මේ සාතන් වන්දනා කරන රෝමානු කතෝලිකයන් නේද?
දේව සේවයට කැපවූ ඔබ සියළු දෙනාට සුබපැතුම්..! ඔබගේ දුෂ්කර ඉදිරි ගමනට දෙවි පිහිට නිරතුරුවම ලැබේවා...!
මේ කිතුනු පුජ්‍ය පක්ෂයට බැඳෙන අයගේ වයස් සීමාවල් ගැන අවධානය යොමු කරන්න. ඔවුන් හොඳින් වැඩුණු වැඩිහිටි මට්ටමේ අය. අපේ පන්සල්වල මහණ කරන්නේ කිරි සුවඳ යන්තම් ඉක්මවූවන්. හය හතර නොතේරෙන පොඩ්ඩන්. පැවිදි ජීවිතයේ බරපතලකම තේරුම් යනකොට ඔවුන් උපැවිදි වෙනවා. ඉතින් සාසනය ඉතිරි වෙනවද? මේ තත්වය විග්‍රහ කරලා කුල දරුවන් මහණ කරන්න. කැත විවේචන වලින් බුදු දහම දියුණු වෙන්නේ නැහැ.
මේ කරන්නේ මොකද්ද කියලා නොදන්නා අයට මේවා පෙන්වපු එක තමයි වැරැද්ද කියලයි මට හිතෙන්නේ.. කතෝලිකයෝ සතුන්ට වඳිනවා කියන එක්කෙනාගෙන් මම අහන්න කැමතියි. කවදාවත් දේවාලෙකට ගිහින් වැඳලම නැද්ද කියලා... අවුරුදු ගණනක් උපාධි මට්ටමේ අධ්‍යාපනයක් ලබපු සහ සුදුසුකම් ලබපු, තමන් කරන්නේ මොනවද කියලා අවබෝධයකින් වැඩකරපු කට්ටියක්.. ලංකාව සිංහල, බෞද්ධ නිසා මේවා ඕනෑ නැහැ කියන එක්කෙනා තමන් කරන්නේ කියන්නේ මොනවද කියලා කිසිම අවබෝධයක් නැතිබවත් පෙන්වනවා.. ඒකට අපේ බලවත් ශෝකය..!!!