දුම්රිය වර්ජනයත් සමඟ දුම්රිය මගීහු රැසක් අපහසුතාවට පත්ව සිටිති. කොටුව දුම්රිය ස්ථානය මෙන්ම කොටුව දුම්රිය ඉදිරිපිට මාර්ගයද මගීන්ගෙන් පිරී ගොස් තිබේ.
කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇති වී ඇති අතර පොලිස් කැරලි මර්දන ඒකකයෙන් ද කැඳවා තිබේ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර








COMMENTS
දුම්රිය සේවය අකාර්යක්ෂමයි. සේවකයෝ වැඩියි. රජයේ සේවකයන්ට දෙන සීසන් එක නිකන් වගේ එකෙනුත් පාඩුයි. කොහොමද පඩි වැඩි කරන්නේ ?
මමත් දුම්රිය මගියෙක්, ඔක්කොමලා එකතු වෙලා දුම්රිය වල යන එක නවත්තන්න ඕනේ... අපි දාඩිය මහන්සියෙන් හොයන සල්ලි වලින්නේ මේ මිනිස්සු ජීවත් වෙන්නේ අම්මලා, දරුවෝ ඔක්කොම එක්ක පාරේම මැරිලා යන්න ඕනේ කන්න නැතිව අපේ රටේ මිනිස්සුන්ට කරන දේට. මේ පාඩු ලබන රාජ්ය ආයතනය මිනිස්සු කියනවත් වගේ පෞද්ගලිකරණය කරා නම් රටට ලොකු සේවාවක් වේවි ඉස්සරහටත්...
පටු දේශපාලන අරමුණු වලට කඩේ යන සමහර වෘතිය සමිති ලොක්කන් අයින් කරලා රස්සාවෙන් දොට්ට දාන්න.
මේ වර්ජනය කරන ඔක්කොම ඉල්ලන්නේ මොනවද සල්ලි නේද.? මේවා ගෙවන්නේ ජනතාව නේද ?එතින් ජනතාවට තව තව බර පටවන්න නේද මේ හදන්නේ.
ලංකාවේ දේශපාලනය නැමැති රුක්ෂයට. දේශපාලකයා නැමැති.කඳපනුවා අැතුලු වී. එහි කඳ කා දමමින් බිත්තර හා පැටවුන් බිහි කරමින් මුලු කඳපුරා පැතිරෙමින් ගස බිමට අැද වැටෙන තුරු විනාශ කර. තර වී වෙනත් ගසකට මාරු වෙයි. හැබැයි බාහිරින් කඳ පනුවෙක් නොපෙනෙන අතර පනුවන් සිටින බව ලක්ෂන පෙන්වයි. ලාටු ගැලීම, කොළ කුඩා වීම, කහ පැහැ වීම අාදිය. අවසානේ මිය යයි. ලංකාවෙත් මේ කාලෙන් කාලෙට හුදකලා සිද්දි ලෙස දක්නට ලැබෙන්නේ දේශපාලන කඳපනුවන් කර අැති විනාශයේ හුදකලා වු රෝග ලක්ෂණ.හැබැයි දක්ෂ ගොවියා ගසේ ලාටු ගලන්න ගත් විගස දන්නවා කඳ පනුවන් හො වෙනත් යමක් නිසා ගසයට හානියක් වෙන බව. එ් කඳපනුවන්නම් ගස මුලිනුපුටා දමා ගිනි තබා විනාශ කරනවා වෙනත් විකල්ප නැති නිසා.හැබැයි බහුතර අදක්ෂ ගොවියෝ ගලන ලාටු එකතු කර කර මැලියම් සාදමින් සිටිනවා අනික් ගසුත් විනාශ වෙන තුරු. අපිත් මේ හුදකලා සිද්දි වලට බැන බැන සිටිනවා වුවමනා දේ නොකර........
අර ඉස්සර ලංකාවෙන් එලෙව්වා කියන යක්කු නැවත ලංකාවේ ඉපදිලා කියන එක සනාථ වෙනවලු ඔය අසාදාරන වැඩ වර්ජන කරන අය දැක්කහම.
වහාම දුම්රිය ධාවනය හා පාලන කාර්යන් සදහා හමුදා අනු කණ්ඩයක් ඇති කරන්න ඉන් පසු යම් වර්ජනයක් සිදු කරන්නේනම් සියලුම සේවකයන් පැයක් ඇතුලත සේවා පරිශ්රයෙන් ඉවත් විය යුතුය සියලු වැටුප් කපා හැර ඒ වැටුප් හමුදා අනු කාණ්ඩයට ලබා දෙන්න කටයුතුය කරන්න.
දුම්රිය සේවය අකාර්යක්ෂමයි. ආයේ දෙකක් නැහැ මේක රජය යටතේ පවත්වා ගෙනයාමෙන් දියුණුවක් දකින්න බැහැ. රජයේ අධීක්ෂනයටතේ පෞද්ගලිකරනය හොඳ විසඳුමක්. මේගොල්ලෝ නොදන්නවා වගේ හිටියට අහිංසක ජනතාවගේ බදු මුදල් වලිනුයි අහිංසක මගියාගේ ගෙවීම් වලිනුයි සි ජි ආර් එක ගැටගහගෙන යන්නේ.
දුම්රිය ටිකට් සීසන් වලට ගෙවන ගාන 2,3 ගුණයක් වැඩි කලත් කමක් නැහැ කාර්යක්ෂම සේවයක් සපයනවානම්. අපි ලැහැස්ති ඒත් දුම්රියෙන් යන්න. මොකෝ කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැනේ ඔය වගේ ස්ට්රයික් කලාම ගෙදර යන්න විදියක් නැහැ නේ. ඕක ගොඩගන්නනම් පුද්ගලික අංශයටම දියයුතුයි.
මේ වර්ජන රැල්ල තනිකරම රට විනාශ කිරීමේ වැඩ පිළිවෙලක්.රටේ හරි හමන් කොන්ද කෙලින් තියන නායකයෙක් හිටියා නම් මෙහෙම නටන්න දෙන්නේ නැහැ. කරන්න බැරි නම් පුළුවන් කෙනෙකුට දීලා යන්න ඕනා රටේ ජනතාවට පව් නොදී.
මේ රටේ දේශපාලකයන් නඩත්තු කිරීම වෙනුවෙන් ජනතාව කොපමණ මුදලක් වැය කරනවද? එහෙනම් ඔවුන් මේ රටට, ජනතාවට ලබාදෙන ලාබය කොපමණද කියලා කියන්න පුලුවන්ද?