බී.ජී. චතුරංග
අනුරාධපුර කලත්තෑව, කුඩා කලත්තෑව ප්‍රදේශයේ නිවසක කුකුල් කූඩුවට ඇතුලු වී කුකුළන් හය දෙනෙකු ගොදුරු කරගෙන සිටි පිඹුරෙකු වනජීවී නිලධාරීන් අල්ලාගෙන අද (20) විල්පත්තුව රක්ෂිතයට මුදා හැරීම සඳහා රැගෙන යනු ලැබීය.
කුකුළ් කූඩුවේ හිමිකරු සඳහන් කළේ කූඩුව තුළ කුකුළන් කෑ ගසන ශබ්දය ඇසී බලන අවස්ථාවේ මෙම පිඹුරා දැක ඒ පිළිබඳව වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ බව ය. වනජීවී නිලධාරීන් පැමිණෙන අවස්ථාව වන විටත් කූඩුවේ සිටි කුකුළන් හය දෙනෙකු පිඹුරා ගිල දමා තිබූ අතර, ඉන් දෙදෙනෙකු කූඩුව තුළ වමාරා තිබු බව ඔහු වැඩිදුරටත් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිඹුරා හොඳ වාසනාවන්ත පිඹුරෙක්, වෙන මිනිහෙක්ගේ කුකුල්ලු 6 දෙනෙක් පිඹුර ගිල්ලා නම් එ් මනුස්සයා වනජීවී එකට කතා කරකර ඉන්න එකක් නැහැ. හොඳ පොල්ලක් අරන් පිඹුරාගේ ඔලුව කුඩු කරාවි. වනජීවී එක කරුණාකර මේ මනුස්සයාගේ කුකුල්ලු 6 දෙනාගේ අලාභය ගෙවන්න.
ලංකාදීප, කරුණාකරලා මට එතුමාගේ දුරකථන නො දෙන්නේ මම ඒ අලාභය ගෙවන්නම්.
මම ගෙවන්නම් මට ටෙලි ෆොන් නො එක එවන්න.