විශ්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන්ගේ රදගුරු අභිෂේකයේ ස්වර්ණ ජයන්තිය නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අද(22) බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත්විණි.
එම අවස්ථාවට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ද, සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තපානේ ධම්මාලංකාර නාහිමියෝ ද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
ඡායාරූප - ලහිරු හර්ෂණ









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ විනයක් තිබෙන නිසි නායකත්වයක් තිබෙන, දේශපාලකයින්ට ගැතිකම් නොකරන, පක්ෂ විපක්ෂ දේශපාලකයින්ට එකසේ සලකන, කතෝලික සභාව මොන දේ සංවිධානය කළත් එතන, පිළිවෙලයි ලස්සනයි. අපේ රටේ දේශපාලකයින් සමහර පූජ්‍ය ස්ථාන වලට එම ස්ථානය ගොස් දේශපාලන වේදිකාවක් කර ගන්නවා වෙනුවට, මෙතන, පූජකයින් තමන්ගේ ගෞරවයත්, දේශපාලකයින් තමන්ගේ වැදගත්කමත් රැකගෙන හැසිරෙන බව තමයි මේ පින්තූරවලින් පිලිඹිබු වෙන්නේ...
වහන්සේ කෙනෙක්ට අතට අත දෙන්නේ... මොන සංස්කෘතියේ අයද මේ, වඳින්නේ නැතුව...
ආගම දේශපාලනීකරණය වෙලා... අහෝ ජේසුනි, ඔවුන් නොදැන කරන වරදට කමා කරන සේක්වා !!!