( හසිත රංග ගුණතිලක )
තොරතුරු සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන සහ නවෝත්පාදන සංවර්ධන අමාත්‍යවරයා ලෙස කොළඹ දිස්ත්‍රි් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද ( 22) කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි උසස් අධ්‍යාලන අමාත්‍යංශයේදී වැඩ බාරගත්තේය.
අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ මයාදුන්නේ,ආචාර්ය ගුණදාස අමරසේක,ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සම්පත් අමරතුංග යන මහත්වරුද ,බන්දුල ගුණවර්ධන මහතාගේ බිරිද වන තමරා ගුණරත්න මහත්මිය ඇතුළු අමාත්‍යංශ කාර්ය මණ්ඩලයද මේ අවස්ථාවට එක්ව සිටියහ.


ඡායාරූප - ගයාන් අමරසේකර
COMMENTS
දුකයි, කණගාටුයි, ශෝකයි. 2500 කින් හතර දෙනෙක් සතියක් කමු.
එහෙනම් ලංකාවේ අධ්‍යාපනයටත් දෙයියන්ගේම පිහිටයි. ටියුෂන් කඩකාරයෙක් අධ්‍යාපනයට මොනවා නොකරයිද ?
කාලයක් ජාත්‍යන්තර පාසල් හිමියෙක් ඕක කාලා දැම්මා... දැන් ටියුෂන් කඩකාරයෙක් ආවා. වෙනසක් නැහැ. 2500/= අද නම් මාසේ ටියුෂන් ගාස්තුවටත් මදි හැබැයි.
සියලුම අමාත්‍යාංශ සඳහා ලේකම්වරු ලෙස විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කරන බව ඇත්තක්ද? දැන්නම් ඉතින් මේවගේ දේවල් වලට විරුද්ධව කවුරුවත් වර්ජන කරන එකක් නම් නැහැ ඔන්න.
2010-2014 මහින්ද රජයේ, අධ්‍යාපන ඇමතිලෙස, බන්දුල ගුණවර්ධනයන් මහින්දෝදය තාක්ෂණික පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය මගින් පාසල් 1,000ක් අති ධාවන පිම්මකින් ඉදිරියට ගෙන ආ ආකාරයම, එතුමා තුළ ගෝඨාභය රජය තුලින් බලාපොරොත්තු වන සීග්‍ර අධ්‍යාපන වර්ධනය ක්‍රියාත්මක කළ හැකි "නියමුවෙක්" බව, අධ්‍යාපන අංශයේ සිටි අප හොඳින් දන්නවා. නොදැන කතා කරන - දේශපාලකයින්ට කඩේ යන්නන්ට, අබ සරණයි.
මා හිතුවා මෙයිට වඩා වෙනස් සක්‍රීය ලෙස වැඩ කරන්න වුවමනාවක් තියෙන කණ්ඩායමක් දාවි කියලා.. මට හිතෙන්නේ 71 එකට ඒ වගේම තව 5ක් එකතු වෙයි. එච්චරයි වැඩක් නැහැ. ගෝඨාභය තදින් හිටියොත් යන්තම් ශේප් නැත්නම්.... අනේ මන්දා අපේ බලාපොරොත්තු.... අනේ අපි කවදාක හිනැහෙමුද එ් රටේ...?