(රොමේෂ් මධුෂංඛ)
උතුරු ප්‍රදේශයට බලපා ඇති දැඩි නියං තත්ත්වය හේතුවෙන් උතුරේ වැව් සිඳී ගොස් ඇති නිසාවෙන් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දැඩි අවදානම් තත්වයකට පත්ව ඇතැයි ධීවරයෝ පවසති.
මේ වන විටත් වව්නියාව , මන්නාරම , කිලිනොච්චිය , හා මුලතිව් දිස්ත්‍රික්කවල කුඩා වැව් සිඳී ගොස් ඇත.
වැව් සිඳී යාමත් සමග මිරිදිය කර්මාන්තය කඩා වැටී ඇති බවටත් එහෙයින් සිය ආර්ථිකයද කඩා වැටී ඇති බවත් එම ධීවරයෝ කියා සිටිති.මේ වන විටත් ධීවර පවුල් දහසකට අධික පිරිසක් දැඩි දුෂ්කරතාවට මුහුණ පා සිටිති.
නැවත පදිංචි වීමෙන් පසුව ස්ථීර රැකියාවක් නොමැති කමින් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදුනද මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දැඩි පසුබෑමකට ලක් වී ඇති නිසා තම ජීවිකාවට දැඩි ගැටළු පැන නැගී ඇතැයි ඔවුහු කියති.
ඉදිරියේදීත් වර්ෂාව නොලැබෙන්නේ නම් උතුරේ මහ වැව් සියල්ලක්මද සිඳී ගොස් මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනු ඇතැයි ඔවුහු පවසති.









2025 දෙසැම්බර් මස 04
157
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය අනතුරේ
prabash Wednesday, 26 July 2017 12:01 PM
යන තැනකට වැඩක් කරගන්න. මාළු මරලා පව් කරගන්නේ නැතුව.
බණ්ඩාර-කැකිරාව Thursday, 27 July 2017 06:30 AM
මෙයාලා යන්නේ සතර මහා අපායටමයි. ඇති වෙනකන්ම වැඩ කරගෙන තියෙන්නේ. ""කරන කලට පව් මිහිරිය පැණි සේ "" කිව්වේ නිකන් නෙමෙයිනේ.