(හර්ෂණ තුෂාර සිල්වා ත්‍රිකුණාමලයේ සිට)
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ජංගම රෝහල් නෞකා දෙකෙන් එකක් වන ‘යු.එස්.එන්.එස් මර්සි නෞකාව’ මේ දිනවල ත්‍රිකුණාමල වරායේ නැංගුරම්ලා තිබේ.
මෙම නෞකාව ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමල වරායට සේන්දු වූයේ අප්‍රේල 25 වැනිදාය.
‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණි අතර නැවත ඇමෙරිකාව බලා යෑමට පෙර වියට්නාමයට හා ජපානයට ළඟා වන්නේය.
මීට පෙර මෙම නෞකාව ‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ ඉන්දුනීසියාව, පලාවු, යැප්, ගුවාම්, තායිලන්තය හා මැලේසියාව යන රටවලට ගමන් කළේය.
ඉන්දු ආසියානු හා ශාන්තකර රටවල ප්‍රජා සමඟ සබඳතා ඇති කරගැනීම, වෛද්‍ය හා ඉංජිනේරුවල දැනුම හා තාක්ෂණික ශිල්ප ක්‍රමවේද හුවමාරු කරගැනීම මෙම නෞකාවේ ප්‍රධාන අරමුණය. ඊට අමතරව යුද්ධයක් හෝ ආපදා අවස්ථාවලදී සෙබළුන්ට ප්‍රතිකාර කිරීම, සිවිල් වැසියන්ට ප්‍රතිකාර කිරීම යනාදි සහන සහ වෛද්‍ය සේවා සැපයීමෙ මෙම නෞකාවේ ප්‍රධාන කාර්යය වේ.
ඇමෙරිකා එක්සත් ජනපදය සතු අනෙක් මෙම වර්ගයේ නෞකාව වනුයේ ‘යු.එස්.එන්.එස් කම්ෆර්ට් නෞකාව’යි. එම නෞකාවෙන් අන්ලාන්තික කලාපය ආවරණය වේ.
මෙම නෞකාව මැයි 9 වැනිද ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතය.
(ඡායාරූප- ප්‍රදීප් පතිරණ ඩේලිමිරර් )














COMMENTS
මුලින්ම ආධාර... සහන සේවා... ඉන්පසුව වහල්කම. ඇමෙරිකාව බේස් හදපු කොයි රටද දියුණුවේ හිනි පෙත්තට ගියේ. මේ ඇමෙරිකාව අර අදින්නේ ත්‍රිකුණාමල වරායට බව කාටද නොතේරෙන්නේ? මේක මහා පුදුම රටක්. රටේ දකුණු වරාය චීනෙට... දකුණු ගුවන්තොට ඉන්දියාවට... උතුරු-නැගෙනහිර වරාය ඇමෙරිකාවට... මේ පුංචි රට ගොඩනගන්න බැරි කයිවාරු දේශපාලනය මේ රට දිනෙන් දින කාබාසිනියා කරනවා. මෙහෙම දීන විදිහට එක එක රටවලට මේ රට අන්දවන්න නම්, මේ රටට දේශපාලකයන් කුමටද?