(දයාරත්න ඇඹෝගම)
ජාතික අලුත් සහල් මංගල්‍යය අද (08) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි මහා බෝධිය ඉදිරිපිටදි උත්සවාකාරයෙන් පැවැත්විණි.
දිවයිනේ නන් දෙසින් ගොවියන් විසින් රැගෙන ආ අලුත් සහල් ශ්‍රි මහා බෝධින් වහන්සේට පුජා කිරිම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු මැති ඇමතිවරු විසින් මහා සංඝ රත්නයේ සෙත් පිරිත් සංඥා මධ්‍යෙය් සිදු කරනු ලැබිය.
මෙහිදි ජනාධිපතිවරයා විසින් නව බීජ වී වර්ග ගොවියන් අතර බෙදා දිමත් ගොවි හැදුණුම්පත් නිකුත් කිරිමත් සිදුවිය.
මෙම අවස්ථාව සදහා අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් ඇතුලු මහා සංඝරත්නය කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක පි හැරිසන් චන්ද්‍රානි බණ්ඩාර යන මැති ඇමැතිවරුද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරිහු සහ ගොවි සමිති නියෝජනය කරමින් ගොවින් රැසක් එක්ව සිටියහ.





(ඡායාරූප -ජනාධිපති මාධ්‍ය අංශය)
COMMENTS
මේ නිකන් ලකුණු දාගන්න කරන නිෂ්ඵල වැඩ... ගොවීන්ට වතුර ටික නැත. පොහොර ටික නැත. අස්වැන්න විකුණාගන්න ක්‍රමයක් නැත. අතරමැදියොයි හොර නිලධාරියොයි ගොවියාව විනාශ කරනවා. මෙයාලා ගිහිල්ලා නිකන් මංගල්ල පවත්වනවා. කිසිම සුගතියක් ගොවියාට නැත.
මේ ප්රශ්නය දිහා මතුපිටින් බලා අදහස් දැක්වීමෙන් ඵලක් නැත. පාරිභෝගිකයා ගොවියාගේ නියම නිෂ්පාදන මිලට හාල් මිලදීගන්න කැමති වූ දවසක (සහනාධාර නොමැතිව) මොකද සහනාධාරද ජනතාවගේ මුදල්ය. ලාබෙට ගන්නා හාල්වලට ජනතාව පොදුවේ වක්‍රාකාරව ගෙවයි. රජය කළ යුත්තේ අතරමැදියන්ගෙන් වන හානිය වැළැක්වීමට, හොඳ ක්‍රමයක් සකස් කිරීමයි. එහෙත් අපගේ පාලන ඉතිහාසය ගැන සාධාරණ සැකයක් ඇත.