වසන්ත චන්ද්‍රපාල
කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාව ප්‍රදේශයේ දී මීට වසර 31 කට පෙර ඝාතනය කරන ලද හෑගොඩ ශ්‍රී ඉන්ද්‍රසාර නාහිමියන් ඇතුළු සාමනේර හිමිවරු 31 නම සිහිකිරිම නිමිති කොටගෙන අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානයේ දී අද (1) කුල දරුවන් 31 දෙනෙකු සසුන් ගත කිරිම සිදුකරනු ලැබීය.
මෙම කුල දරුවන් පැවිදි කිරිම නැගෙනහිර පළාතේ ප්‍රධාන සංඝනායක පාදාගොඩ පුරාණ රජමහා විහාරාධිපති තලාගංගොඩ ධම්මරතන හිමියන් සහ සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක ඉන්ද්‍රරත්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ත්‍රස්තවාදින් විසින් අදින් වසර 31 කට පෙර 31 නමකගේ ලෙයින් තෙත් කළ භුමිය තුළ අද 31 නමක් මහන කිරිම ඓතිහාසික සිදුවීමක් බව උතුරු නැගෙනහිර පිරිවෙන් භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක අම්පාර මහාවාපි විහාරාධිපති, අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති , පුලුකුණාව රජමහා විහාරාධිපති ,ශාස්ත්‍රපති කිරිදිවැල සෝමරතන හිමියෝ පැවසුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සසුන ආරක්ෂා කිරීමට ඔබ වහන්සේලා ගන්නා මේ උත්තම ක්‍රියාව සිංහල ජාතියට මෙන්ම බෞද්ධ ශාසනයටද කරන මහගු දායාදයකි.