(ලහිරු හර්ෂණ)
මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත කෙරුණු නව පෙට් ස්කෑන් යන්ත්‍රය අද (01) පෙරවරුවේ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.
රුපියල් කෝටි 20ක් පමණ වටිනා මෙම යන්ත්‍රය මගින් රෝගීන්ගේ පිළිකාවේ ස්වභාවය නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර හැකිය.
පෙට් ස්කෑන් යන්ත්‍රයක් නොමැතිකම හේතුවෙන් රෝගීන් මියයන පසුබිමක ජනතා සහය මත මෙම යන්ත්‍රය මිලදී ගැනීමට අපේක්ෂා රෝහලට හැකි වී ඇතැයි එම අවස්ථාවවේදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.




COMMENTS
"අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් ජනතා අයිතියට පත් කෙරිණි" .... අලුතින් ඇමතිතුමාට ජනතා අයිතියට පත්කරන්න දෙයක් නෑ. මේක ජනතාවගේ සල්ලි වලින්ම ගත්තු දෙයක්නේ. අනුන්ගේ දේවල්වලට ලකුණු දාගන්නේ වෙන කෙනෙක්...
මෙම ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට අධාර කරපු සැමදෙනාටම පින් සිදුවේවා! නිදුක් නීරෝගී බව ලැබේවා !!!
හරිනම් මේවා රජයෙන් කරන්න ඕනේ වැඩ... මොහමඩ් මහතා මූලික වෙලා ජනතාවගේ පරිත්‍යාගයෙන් මේක කළාම ලැජ්ජා නැතුව මෙය එනවා විවෘත්ත කරන්න. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවත්, දැන් තියන යහපාලන ආණ්ඩුවත් විනාශ වුනේ මෙවැනි පුද්ගලයින් අතලොස්සකගේ ක්‍රියා කලාපය නිසායි.
සඳුන්ගේ කතාව ඇත්ත... මේක විතරක් නොවෙයි රජයේ අරමුදල් වලින් ගන්න හැම දෙයක්මත් ජනතාවගේ සල්ලි... අපේ රටේ ජනතාවගේ මුදල් වියදම් කරලා කරන සෑම කර්තව්‍යයක්ම ඇමතිවරු විවෘත්ත කරලා ජනතාව මෝඩයට අන්දනවා...
මෙයට ප්‍රධාන හා මූලික දායකත්වය දැරූ මොහමඩ් මහතා ගැන සඳහනක් නැත්තේ මන්ද?
ඇත්තටම මේක පෙළපාලි යන්න දෙයක්ද? මහජනතාවගේ මුදලින් යැපිලා රටම කාබාසිනියා කරනවා.
ජනතාව සල්ලි එකතු කරලා ගත්ත එක මෙයා මොකටද ගිහින් විවෘත්ත කරන්නේ? නිකම් බැණුම් අහගන්න වැඩ කරන්න එපා... ලැජ්ජාවක් ඇත්තේම නැද්ද?
ලංකාවේ ඇමැතිවරු 5 දෙනෙක් තමන්ගේ අධි සුඛෝපබෝගී වාහන වලට යන වියදම හෝ අගමැතිවරයාගේ එක වෙඩි නොවදින රථයකට යන වියදම් කල මුදල මේ සඳහා වෙන් කළානම්, මෙයට බොහෝ කලකට පෙර අවසන් කල හැකිව තිබූ කාර්යයකි.
ලැබුණු සල්ලි වලින්, ලැබුණු පොළියෙන් වගේ ගන්න ඇත්තේ..
මොහොමඩ් මහත්තයත් අන්තිමට කීවේ සමහර මාධ්‍ය ආයතන මේකට ලකුණු දා ගන්න හැදුවා කියලා. කොහොම වුනත් අපි මේක දැනගත්තේ "මනුසත් දෙරණින්". එයාල දක්වපු දායකත්වය අවතක්සේරු නොකල යුතුයි.
ආර් ඩී ඔබගේ සර්ව අසුබවාදී මනසින් රටට වෙන සෙතක් නැහැ ඔබට වෙන සෙතකුත් නැහැ. අපි මේකට දායක වුනත් කිසිම ඇමති කෙනෙක්, හිටපු ඇමතියෙක්වත් සත පහක් දුන්නේ නැහැ
නිකම් නම දාගන්න විතරයි ඉන්නේ.
මොහමඩ් මහතාට ගොඩක් ස්තුතියි.
මනුසත් දෙරණ කරපු දේ ගැන කවුරුත් කතා නැ.අපි දැන ගත්තේ මනුසත් දෙරණෙන් තමා
මේවා මනුස්ස කම් තියෙන මිනුස්සුන්ගේ සල්ලි මේ ගොල්ලෝ ලෙඩක් හැදුනහම් පිට රට යනවා බෙහෙත් ගන්න ඒ කාගේ සල්ලිද
දේශපාලකයෝ රටේ සල්ලි පරිස්සමින් වියදම් කර මුදල් කළමනාකරණය කර මෙවැනි දේවල් රටේ ජනතාවට ගන්නවා වෙනුවට වංචාවෙන් හොරකමින් ගසා කෑ මුදලින් අදික ලෙස සුපිරි ජිවිත ගත කරන්නට ගොස් සුපිරි කෑම ගිල දමා ලේ නහර අවහිර වූ විට ඒවා සකස්කර ගන්නට නැවත ජනතා මුදලින් විදෙස් රටවල සැත්කම් කර මේ යන්ත්‍රය වගේ කිහිපයක් ගතහැකි මුදලක් වැයකර, ඉන්පසුත් නැවත ජනතා මුදල් වලින් මස් මාළු ගිලින මෙවැනි තිරිසන් සතුන් වැනි සමහරුන් මේ ලොවින් චුත වේවා කියා ප්‍රාර්ථනා කරනවා හැර මටනම් වෙන කිවහැකි දෙයක් නැත.
ඇත්තටම මේ ඇමතිවරු ලජ්ජා නැති ජාතියක්. වෙන ලියන්න දෙයක් නෑ. සද්භාවයෙන් මේකට දායක වූ සැමට පින්.
මෙය ජනතා අයිතියට කීම සම්පූර්නයෙන්ම වැරදියි මෙය මිලටගත්තේ ජනතාවගේ මුදලින් මෙහිදි සිදුවෙලා තියෙන්නෙ ජනතා දේපලක් රජයේ අයිතියට පත්කිරීමක් දැන් ඉතින් මේ රෝහලේ( එම අංශයේ) සිටින සේවකයන්ට ඉක්මන් පරීක්ෂණ ලබාදීල මුදලක් සොයාගන්න පුලුවන් මෙම රොහලේ එම කටයුතු ඉතාම සාර්තකව සිදුවෙනවා කියන්න කණගාටුයි මමත් ඔවුන්ගේ සේවය ලබාගෙන තිබෙනවා
මුලින්ම මේකට දායකත්වය දක්වපු මොහොමඩ් මහතාට විශේෂයින් ස්තුතිය පිරිනමන්ට ඕන. ඒ වගේම මේ සදහා දායකත්වය දැක්වූ සියලුම ශ්‍රී ලාංකිකයන්ට බොහෝ පින්. හැබැයි රජය මේකට කිසිදු දායකත්වයක් දැක්වුයේ නැහැ. නමුත් පලකය දැක්කම, අපේ රට දේශපාලනය ගැන පුදුම කල කිරීමක් ඇති වෙන්නේ.
ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වඩා ලොකුයි .............
ඕක ආරම්භ කලේ මොහොමඩ් මහත්තය තමයි. නමුත් ඔහුට සුළු මුදලක් හිගයක් ආවා. අන්තිමට ඉතා සුළු මුදලක අඩුපාඩුව සපුරගන්න දෙරණ ආයතනය සහයෝගය දුන්නා.
පෙට් ස්කෑන් යන්ත්‍රය ගන්න මුලික වුනු මොහමඩ් මහතාගේ පුතාගේ නමින් මේ යන්ත්‍රය තියෙන වාට්ටුව නම්කලොත් හොඳයි නේද ?
මුදල් එකතු කලේ අහිංසක දුප්පත්-පොහොසත් සහ මධ්‍යම පාන්තික ජනතාව. එහෙම ඔක්කොම කරලා පුවරුවේ තියෙන නම්-ගම් දැකලා පශ්චාත්භාගයෙන් හිනා යනවා. මිනිස්සු මුදල් එකතු කරලා ඔවුන් විසින් තමන්ගේ නොව පොදු ජනතාවගේ සුඛවිහරණයට කරන ලද ව්‍යායාමය දේශපාලනය විසින් මෙසේ විකෘති කරන්නේ නම්, මේ රටට දේශපාලනයක් අවශ්‍ය නොවේ.
ලැජ්ජා නැතිකම ඇමතිකමටත් වඩා ලොකුයි කියා පෙන්නපු තවත් අනගි අවස්ථාවක්. ජනතාවගේ මුදලින් ගත්ත පෙට් ස්කෑන් යන්ත්‍රය තමන් දුන්නා වගේ පෙන්නන්න හදන්න දඟලන, අනුන්ගේ පහනෙන් එළිය බලන්න හදන්න දඟලන, පා ගමන් යමින්ම හා ජනතාවගේ කාලය කා දමමින් තමන් වගේම ජනතාවත් කාලකන්නි කරන්න හදන, දත් ගලවා නැව් ගත්ත රටටම විනයක් සහ වනයක් වුණා.
රජයට වත්, දියවන්නාවේ රජ සැප විඳින උදවියටවත් දොස් කියන්න එපා. ඒ අයව පත් කලේ මෝඩ මහජනතාව. ඒ උත්තමයින්ට යන්න එන්න කෝටි ගණන් වෙන් කලේ සුඛෝපභෝගී වාහන ගේන්න මිසක් ඡන්දෙ දීපු අහිංසක ජනතාවට අසනීපයකට ප්‍රතිකාරයක් කරන්න අවශ්‍ය උපකරණ ගෙන්වන්න නෙමෙයි. සනීපද දැන්...? ලැජ්ජාව කියන එක දේශපාලකයින්ට නැහැ කියන එක ඔප්පු කරන එක උත්සවයක් පමණි මේක.
මෙවැනි දෙයක් ගන්න තරම් බැරි ආණ්ඩුවක්ද මේ? මිල කෝටි 20 ක පිලිකා රෝගීන්ට අත්‍යාවශ්‍ය උපකරණයක්. ඡන්ද 5000ක් ගත්ත කෙනොට කෝටි 7ක වාහනයක්.. අනේ මෙහෙමත් යමපාලන පාණ්ඩුවක්?
මෙය ජනතා අයිතියට පත්කිරීමට සදාචාරාත්මක අයිතියක් ඇත්තේ මොහොමඩ් මහතාට සහ දෙරණ නාලිකාවට පමණි.
මොහොමඩ් මහතාට අඩුමතරමේ මේකට ආරාධනා කරන්න හරි තිබුණා. අපේ මිනිස්සුමයි මේ කාලකණ්ණි දේශපාලකයින් උඩ තියාගෙන දඟලන්නේ. අපේ රටේ ඉන්නේ මේ කාලකණ්ණි දැක්කම ඉඳගෙන ඉන්න පුටුවෙන් නැගිටින, ඒ අය එනකොට අපි කාණුවට බහින, දුවගෙන ගිහින් කාර් එකේ දොර අරින මහ මෝඩ ජනතාවක්. ඒකයි මේ අය මේ තරම් උඩ යන්නේ.
ඈත්තටම මෙවෑනි දේවල් වලට ඈමතිලා නම් දා ගෑනීම හරිම ශෝචනීයයි.
කොහොමත් රටේ අවශ්‍ය දේවල් වලට සල්ලි නැහැ , මොහොමඩ් මහත්තයා ඔබට මහත්සේ පිං.
හරිනම් මේවා ඇමතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කලයුතු වැඩ... මොහොමඩ් මහතා ප්‍රමුඛ ජනතාවගේ පරිත්‍යාගයෙන් මේක මිලදී ගත්තම එනවා මිනිස්සු 1000ක් විතර අරගෙන පෙළපාලියකින් පාරේ භාගයකුත් වහගෙන බෑන්ඩ් එකකුත් ගහගෙන මේක විවෘත්ත කරන්න. මම සෞඛ්‍ය ඇමැතිනම් මේක විවෘත්ත කිරීමට තබා ලැජ්ජාවට මේ පැත්ත පළාතක යන්නේ නැහැ.
මේකට මේ එක ඇමති කෙනෙක් එක රුපිලියක්වත් දීලාද?
දුප්පත් රෝගීන් මේ ස්කෑන්වලට වියදම් කරන්න සල්ලි නැති බව දන්නේ දැන්ද? ඒකනේ ජනාදිපති අරමුදලෙන් හෙම්බිරිස්සාවටත් සිංගප්පූර්, එළිසබෙත් යන්නේ...
ජනතාවගේ මුදල් පරිත්‍යාගයෙන් ගෙනාපු මේ යන්ත්‍රය විවෘත්ත කරන්න මේ වගේ අනවශ්‍ය විදිහට යතුරුපැදි සහ ජනතාව යොදාගෙන පාරේ වාහන ගමනාගමනයට අවහිර කරමින් ගමන් කරනකොට පාරේ වාහන තදබදය වැඩිවී වැඩි වැඩියෙන් විෂ දුම් පරිසරයට මුදාහැරිම නිසා සිදුවෙන වායු දූෂණය පිළිකාවලට සහ තවත් ලෙඩරෝගවලට අතවැනීමක් බව මේ සෞඛ්‍යය ඇමතිවරයාට නොතේරෙන එක ජාතියේ අවාසනාවකි.
අද හුඟක් දේශපාලනඥයින්ගේ ලැජ්ජා නහරය කපලා. මෙයත් ඒ එක්කෙනෙක්...
මම මේ සඳහා යම් මුදලක් පරිත්‍යාග කළා .මම විශ්වාස කරන්නේ මොහොමඩ් මහතා පමණි. මේ උත්සවයට සහා බාගී විය යත්තේ කියලා .දේශපාලකයෝ කොහත්ම මේකට සහබාගී නොවිය යුතුය .
ලොකු ගල් පුවරුවක් ගහල... අහවල් අහවල් දේශපාලකයාගේ උපදෙස් අනුව කියල ..... මුලිකත්වය අරන් දුන්නු මෝහම්මෙඩ් මහත්තයාගේ නමවත් නැහැ.