(රොමේෂ් මධුෂංඛ)
කොළඹ සිට යාපනය දක්වා බිත්තර 12,000 ක් ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී පෙරැළීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව ඕමන්ත පොලීසිය පවසයි.
ඕමන්ත පොලිසිය පැවසූවේ බිත්තර ප්‍රවාහනය කළ ලොරි රථය අධික වේගයකින් ගමන් කිරීම හේතුවෙන් රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් ලොරි රථය පෙරැළි ගොස් ඇති බවයි.
කුඩා ලොරි රථය අනතුරට පත් වන අවස්ථාවේදී ලොරි රථයේ බිත්තර 12,000ක් පමණ ප්‍රවාහන කොට ඇති අතර, බිත්තර ප්‍රවාහනය කළ ලොරි රථය පෙරැළීම හේතුවෙන් බිත්තර මාර්ගය පුරා විසිර තිබු අතර, ප්‍රවාහනය කළ බිත්තර විශාල ප්‍රමාණයක් බිදී ගොස් තිබු බවද පොලීසිය පැවසීය.
මෙම අනතුරින් ලොරි රථයේ ගමන්ගත් දෙදෙනා සුළු තුවාල ලබා ඇති අතර, ඔවුනගේ තත්ත්වය බරපතළ නොවන බවද පොලීසිය සඳහන් කළේය.



2025 දෙසැම්බර් මස 16
11
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධික වේගයෙන් ගිය බිත්තර ලොරිය පෙරළෙයි