(මොහොමඩ් ආසික්)
මහනුවර දිස්ත්‍රික්කයේ පසුගිය දින කිහිපය තුල ඇති වූ කලහකාරි සිද්ධීන් හේතුවෙන් විනාශයට පත් දේපල නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ( 10) මහනුවරට පැමිණියේය.
කතානායක කරූ ජයසුරිය මහතා ඇතුළු පක්ෂ නායකයින්ගෙන් සමන්විත පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් අද (10) සවස දිගන ප්‍රදේශයට ගොස් හානියට පත් දේපල නිරීක්ෂණය කළ අතර ප්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා කර තොරතුරුද ලබා ගත්හ.
කතානායක කරූ ජයසූරිය මහතා සමඟ අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත්, ගයන්ත කරුණාතිලක, රිෂාඩ් බදුර්දීන්, මනෝ ගනේෂන්, එම්.ඒ. සුමන්තිරන්, තිලංග සුමතිපාල, විජිත හේරත් සී.බී . රත්නායක යන මැති ඇමතිවරුන් ඇතළු පිරිසක් එකව සිටියහ.
මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම කතානායක කරූ ජයසූරිය මහතාද අවධාරණය කළේ සිදු වූ ජීවිත හානි සම්බන්ධයෙන් දැඩි කණගාටුව ප්‍රකාශ කරන අතරම සිදුවූ දේපළ හානි වෙනුවෙන් වන්දි ඉතා ඉක්මනින් ලබාදී එම දේපළ යථා තත්ත්වයට පත් කරන බවයි.





COMMENTS
පන්සල් ටික බලන්න ගිහින් නැතිද ?
අගමැතිතුමනි, කැඩී බිදී ගිය පන්සල් හදන්නේ කවදද?
අගමැතිතුමනි, ඔන්න ඕක තමයි ප්‍රශ්නයට මුල. තවත් ජාතිවාදී අැවිලීමක් තමයි ඔබතුමා මේ කරන්නේ. ඔය ගමන්ම පන්සල් වලටත් යන්න.
මහනුවරම අවුලපු මෙයාට තවත් තැනක් අවුලන එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ...
අරනායක, මීතොටමුල්ල පහු කරලද ගියේ?
හැම කෙනාටම ලොකු මුස්ලිම් උදවියගේ දුක විතරයි.
අරාබි රටවල්වල ජීවත් වෙන්න සියලුම අනිකුත් ජාතිකයින් ඉවත් කළා නම් හොඳයි. ඒකට ඉතාලි, තුර්කි, ඉරාන් සපෝර්ට් කරයි.
අන්න දෝශාබියෝගය එන්න හදන්නේ. දැන් තව කොහෙද අවුලවන්නේ. ඊළගට හිරේ දාන්නෙ කව්ද කියල ප්ලෑන් කරනවද?