IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අගමැතිට සෙත් පතා බෝධිපූජා පිංකමක්

ඩයනා උදයංගනී

ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඇමෙරිකාවට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සෙත්පැතීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂ තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය සංවිධානය කළ බෝධිපූජා පිංකමක් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද   පස්වරුවේ පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

 ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඤා‚ස්සර නා හිමියෝ එම බෝධි පූජා කටයුතු මෙහෙය වූ අතර ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි, ආචාර්ය පාලටුවේ ජිනරතන, ආචාර්ය පල්ලේගම රතනසාර යන ස්වාමීන් වහන්සේලා ද සහභාගී වූහ.

අමාත්‍යවරුන් වන සාගල රත්නායක, රවි කරුණානායක, ගාමි‚ ජයවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය ඒ එච් එම් ෆවුසි, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා,  හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා, හිටපු නාගරික මන්ත්‍රී ජයන්ත සිල්වා යන මහත්වරු  ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (10)

අගමැතිට සෙත් පතා බෝධිපූජා පිංකමක්

ranasinghe Sunday, 04 June 2017 04:53 PM

එතුමාට තෙරුවන් සරණින් නිරෝගී සුවය ලැබේවා..!!!

:       517       37

senarath Sunday, 04 June 2017 05:16 PM

අනේ හාමුදුරුවනේ, ගංවතුරෙන් අනාථ වූවන්ටත් කිසියම් වැඩපිළිවෙළක් අරඹනවා නම් හොඳයි.

:       7       68

siri Sunday, 04 June 2017 07:20 PM

අනේ මොවුන් අගමැතිතුමාට ලෙඩක්ද කියලාවත් දන්නේ නැතිව විවේකය සඳහා කියලයි රට ගියේ.. බෝධි පුජා පවත්වනවා. රටේ ලක්ෂ ගණනක් විපතට පත්වෙලා තියෙන මේ වෙලාවේ මෙයාලා ඒ අය වෙනුවෙන් ඔය මොනම සෙත් පැතීමක්වත් කලේ නැහැ නේද?

:       104       397

mahinda italiya Sunday, 04 June 2017 07:32 PM

අගමැතිතුමාට විතරක් නෙමෙයි.. මුළු රටටම සෙත් පතන්න ඕනේ මේ වෙලා තියෙන දේවල් හැටියට...

:       0       101

sanju Monday, 05 June 2017 06:55 AM

මේ අය දැන් පුටුවල ඉඳගෙන තමයි බණ අහන්නේ....

:       0       89

sam Monday, 05 June 2017 07:18 AM

එහෙනම් බයිපාස් කතාව ඇත්තක්... බොරු කියලා කරන සෙත් පැතීමෙන් ප්‍රතිඵලයක් ලැබේවිද? කොහොම වුණත් මාත් ඒ "වෛද්‍ය පරීක්ෂණයට" ඉක්මන් සුව පතනවා..

:       21       14

වසන්ත මාබෝල Monday, 05 June 2017 12:22 PM

රටට සෙතක් වෙන්න නං ඉතිං ඔය සෙත් පැතීම රට වෙනුවෙන් කරන්න ඕන..

:       0       55

lalith Monday, 05 June 2017 03:25 PM

රෝහල් බිල ගෙව්වේ ජනතා මුදලින් නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ අපට ඇත්ත දැනගන්න බැරිද? මේ ජනාධිපති තුමා නිකමටවත් අත්හදා බලන්නවත් ගියේ නැතිනම්, අපටත් ලෙඩේ කියන්න. අපිත් බෝධි පුජාවක්වත් තියන්නම්?

:       1       54

ashoka senevirathne Monday, 05 June 2017 07:05 PM

හෙන ගහන්නේ නෑනේ... සෙත් පැතුවට හරියයිද?...

:       0       0

jayasekara Tuesday, 06 June 2017 03:47 AM

සෙත් පතන්න ඕන මහා වැස්සෙන් උන්හිටි තැන් අහිමි වුණු අසරණ අපේම ජනතාවට... මිසක් හෙම්බිරිස්සවටත් රට යන ලොක්කන්ට නෙමෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site