
(ඩයනා උදයංගනී)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට වඩාත් නිවැරදි හා තාක්ෂණික කාලගුණ අනාවැකි කීමේ තාක්ෂණය ලබා ගැනීමට 2020 වසර දක්වා බලා සිටීමට සිදුවී ඇති බව ඉරිදා ලංකාදීපයට වාර්තා වේ.
ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට රේඩාර් පද්ධති දෙකක් ලබාදීමට මේ වනවිටත් එකඟවී ඇති අතර එම පද්ධති දෙකට අවශ්‍ය පහසුකම් ආදිය සලසාගෙන ඒවා ස්ථාපිත කිරීමට තව වසර තුනක් පමණ ගතවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.ආර්. ජයසේකර මහතා පැවසීය.
මීට කලකට පෙර විශාල වියදමක් වැය කර දෙණියාය ප්‍රදේශයේ ස්ථාපිත කිරීමෙන් පසු අක්‍රීය වූ ඩොප්ලර් රේඩාර් පද්ධතියේ අලුත්වැඩියා කළ යුතු කොටස්ද මේ වන විට එය නිෂ්පාදනය කළ විදේශීය සමාගමට නැව් මගින් යොමුකර ඇතැයි කී අධ්‍යක්ෂ ජනරාල්වරයා එය අලුත්වැඩියා කිරීමට ගතවන කාලය ඔවුන් තවමත් දැනුම්දී නැතැයි ද සඳහන් කළේය. කෙසේ වෙතත් පවතින තාක්ෂණය අනුව නිවැරදි අනාවැකි පළ කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කැපවී කටයුතු කරමින් සිටින බවද ඔහු කීය.
2025 දෙසැම්බර් මස 30
151
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
769
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
375
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2020 වෙන තුරු තිතට කාලගුණ අනාවැකි බෑ