(අජන්ත කුමාර අගලකඩ)
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන අලෝසියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනකුගේ නම් හෙළිකරන ලෙසට ඉල්ලීම් රැසක් ඉදිරිපත්ව ඇතත්, එම නම් ලැයිස්තුව ලබාදීමේ ගැටලුවක් පැන නැගී ඇතැයි වාර්තා වේ.
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සමග බාරදුන් එහි ඇමුණුම් කොටස්වලින් විශාල ප්‍රමාණයක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ගබඩා කර තිබීම ඊට හේතු වී ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.
අර්ජුන ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනා හෙළි කරන ලෙස මන්ත්‍රීවරුන් ගණනාවක් ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉකුත් දින කිහිපයේ හමුවී ඉල්ලා ඇති අතර බැඳුම්කර ගනුදෙනුවට අදාළ තොරතුරු රැසක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ තැන්පත් කර ඇති බැවින්, ඒවා එම දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නැයි ලේකම්වරයා දැනුම් දී ඇත.
එහෙත් සංවේදී තොරතුරු ලෙස හඳුන්වන එම තොරතුරු වසර 30ක් යනතෙක් එළියට දැමිය නොහැකි බව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු බලධාරීන් දැනුම් දීම නිසා මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී ඇතැයි පැවැසේ.
ජනාධිපති ලේකම්වරයාගේ ලිඛිත අවසරයක් ලැබෙන්නේ නම් පමණක් අදාළ තොරතුරු ලබාදිය හැකි බව ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ බලධාරීන් එම තොරතුරු ඉල්ලා ඇති අයට පවසා ඇතැයි ද වාර්තා වේ. එම නම් ලැයිස්තුව එළියට ගැනීම සඳහා විවිධ දේශපාලන පක්ෂ, බහුජන සංවිධාන විවිධ මට්ටමින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd