
(අජන්ත කුමාර අගලකඩ)
දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදී තිබෙන ශ්‍රීලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා තවත් රුපියල් කෝටි 1,320ක පමණ ණය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ලංකා බැංකුවෙන් රුපියල් කෝටි 675ක පමණ මුදලක් ද මහජන බැංකුවෙන් රුපියල් කෝටි 645ක පමණ මුදලක් ද වශයෙන් මෙම ණය මුදල ලබාදීමට නියමිත බව එම ආරංචි මාර්ග කියයි.
ශ්‍රීලංකන් ගුවන් සමාගම වසර ගණනාවක් තිස්සේ දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන අතර වසරකට එහි පාඩුව දළ වශයෙන් රුපියල් කෝටි 2600ක් පමණ වන බවද වාර්තාවේ.
මෙවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රීලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා ණය මුදලක් ලබාගත යුතු බවට වන යෝජනාවක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
ඉකුත් අඟහරුවාදා පැවැති කැබිනට් රැස්වීමේදී එම යෝජනාව සැළකිල්ලට ගෙන අදාළ ණය මුදල ලබාදීමට අනුමැතිය ලබාදුන් බව දැන ගන්නට තිබේ.
2025 දෙසැම්බර් මස 18
629
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්‍රීලංකන් ගොඩගන්න කෝටි 1320ක ණයක්