(අජන්ත කුමාර අගලකඩ)
ඉදිරි මාස හයේදී විධායක බලතල පාවිච්චි කර තීන්දු තීරණ ගන්නැයි ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
එසේ නොකළහොත් ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට ලක්වීම වැළැක්විය නොහැකි වනු ඇතැයිද ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් ප්‍රකාශ කර තිබේ.
ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේ ඉකුත් බදාදා රාත්‍රියේ පැවැති ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන්ගේ සාකච්ඡාවකදීය.
ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ කලකිරීමක් හා අප්‍රසාදයක් ඇතිවෙමින් තිබෙන බවත් ජනාධිපතිවරයා මැදිහත්වී තීන්දු තීරණ නොගතහොත් ශ්‍රීලනිපයටද එම අපවාදයෙන් ගැලවිය නොහැකි වන බවත් මැති ඇමැතිවරුන් පෙන්වාදී ඇත.
එබැවින් ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසය ඇතිකර ගැනීම සඳහා ජනාධිපතිවරයාට සිය බලතල පාවිච්චි කර තීන්දු තීරණවලට එළැඹීමට සිදුවන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.
එම තීන්දුවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරයා තනි නොකර කටයුතු කරන බවද ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් ප්‍රකාශ කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
491
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
468
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විධායක බලතල හරිහැටි පෙන්වන්න