IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ජනපති ඝාතන කුමන්ත්‍රණයේ සී.අයි.ඩී. පරීක්ෂණ අවසන්

(අජන්ත කුමාර අගලකඩ)  

ජනාධිපති ​මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සතියේදී නීතිපතිවරයා වෙත භාරදීමට නියමිතව ඇතැයි වාර්තාවේ.  

ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් කර එහි වාර්තාව මේ වනවිට සකස් කෙරෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.  


එම වාර්තාව නීතිපතිවරයා වෙත බාරදීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු නීතිපති දෙපාර්ත​ෙම්න්තුව විසින් සිදු කෙරෙනු ඇත.  


මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින්ගෙන් රැස්කරගත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමුවී පැය දෙක හමාරක පමණ ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග කියයි.   


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමාගෙන්ද මේ පිළිබඳ ප්‍රකාශයක් ලබාගත් බව ජනාධිපතිවරයාද ඉකුත්දා ප්‍රකාශ කර තිබූ අතර අදාළ පරීක්ෂණ වාර්තාව සති දෙකකින් පමණ එළියට එනු ඇතැයිද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි.  


ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයක් පැවැති බවට දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නමැත්තා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ නාලක ද සිල්වා සහ ඉන්දීය ජාතිකයෙක් මේ වනවිටත් රිමාන්ඩ් භාරයේ පසුවෙති.  

 

 



අදහස් (0)

ජනපති ඝාතන කුමන්ත්‍රණයේ සී.අයි.ඩී. පරීක්ෂණ අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 330 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 208 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site