IMG-LOGO

2025 ඔක්තෝබර් මස 29 වන බදාදා


ගෝඨාභය අද පොහොට්ටු වේදිකාවේ

 

(අජන්ත කුමාර අගලකඩ)   

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රථම වරට අද (11) දිනයේ දී දේශපාලන වේදිකාවට ගොඩවීමට නියමිතය.   

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රථම සම්මේලනය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අද (11) පස්වරු 3.00ට පැවැත්වෙන අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ද එම සම්මේලනයට සහභාගි වේ.   

පොදුජන පෙරමුණේ නායකත්වයට මහින්ද රාජපක්ෂ මහතා එහිදී පත්කර ගැනෙන අතර ජනාධිපති අපේක්ෂකයා ගෝඨභය රාජපක්ෂ මහතා බව මහින්ද රාජපක්ෂ මහතා විසින් එහිදී ප්‍රකාශයට පත් කරනු ඇත.   


අනතුරුව ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සම්මේලනය ඇමැතීමටද නියමිතය.   


ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුවෙන් අනතුරුව එදින හැන්දෑවේ කැලණිය රජමහා විහාරයේ පැවැත්වෙන විශේෂ ආගමික වැඩ සටහනකට සහභාගි වීමට නියමිතය. ඉන් අනතුරුව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ද යන රාපජක්ෂ මහතා එහි පැවැත්වෙන ආගමික වැඩසටහනකට එක්වෙයි.   


හෙට (12) උදේ අනුරාධපුරය බලා පිටත්ව යන හෙතෙම සවස රුවන්වැලි මහ සෑය අභියස පැවැත්වෙන බුද්ධ පූජාවකටද සහභාගිවී අනිද්දා (13) උදේ අනුරාධපුර ජයශ්‍රීමහා බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.   


අනතුරුව මාතලේ හරහා මහනුවර බලා පිටත්ව යන ගෝඨාභය රාජපක්ෂ මහතා 14 වැනිදා උදේ ශ්‍රී දළදා වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.   
ඉන්පසුව මල්වතු අස්ගිරි සහ රාමඤ්ඤ නිකායේ මහ නාහිමිවරුන් ද බැහැ දකින රාජපක්ෂ මහතා ගැටඹේ රාජෝපවනාරාමයට ද යනු ඇත.   


ලබන 15 වැනිදා සවස කතරගම කිරි වෙහෙර අභියස පැවැත්වෙන අසූ හාරදහසේ පහන් පූජාවකට ද සහභාගි වන ඔහු පසුදින කතරගම මහා දේවාලයෙ පූජාවකට ද එක්වෙයි.   
ඉන්පසුව එදින දහවල් තිස්සමහාරාම රාජමහා විහාරය වැඳ පුදා ගැනීමට නියමිත හෙතෙම අනතුරුව මැදමුලන බලා පිටත්ව යනු ඇත.   


ලබන 17 වැනිදා මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ඔහු දෙවුන්දර විෂ්ණු දේවාලයට ගොස් මාතර කිතුණු දේවස්ථානයේ දේව මෙහෙයකට ද සහභාගි වනු ඇත.   


සීනිගම දේවාලය, කන්දේ විහාරය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව රාජපක්ෂ මහතා බේරුවල මුස්ලිම් පල්ලියට ද යාමට නියමිත අතර ඉන්පසුව කළුතර බෝධිය අභියස පැවැත්වෙන පූජාවකට ද සහභාගිවනු ඇත. 

 



අදහස් (0)

ගෝඨාභය අද පොහොට්ටු වේදිකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1613 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1390 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 494 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site