(අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානමත් සමඟ විශාල ප්‍රමාණයේ ජනරැළි නොපවත්වා සාමාන්‍ය පරිදි මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීමට ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂවල අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.
කොරෝනා වයිරසය වැළඳුණු රෝගීන් දෙදෙනකු පසුගිය සතියේදී මෙරටින් හමුවීමත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් කිහිප දෙනකු වාර්තාවීමත් සැළකිල්ලට ගෙන දේශපාලන පක්ෂ මේ තීරණයට එළැඹ ඇතැයි දැන ගන්නට තිබේ.
ජනතාව දහස් ගණන් රැස්වන ආකාරයේ විශාල ප්‍රමාණයේ ජනරැලි නොපවත්වා කුඩා කණ්ඩායම් රැස්වීම් පැවැත්වීමටත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරක කටයුතු වැඩි වශයෙන් සිදු කිරීමටත් එම පක්ෂවල නායකයන්ගේ අවධානය යොමුවී ඇත.
මහ මැතිවරණය ලබන මස 25 වැනිදා පැවැත්වෙන අතර, නාමයෝජනා බාර ගැනීම ලබන බ්‍රහස්පතින්දායින් අවසන්වේ.
ලෝකයටම තර්ජනයක් වී ඇති කොරෝනා වයිරසය ලංකාවටද පැමිණ ඇති අතර එහි අවදානම් තත්ත්වය සැළකිල්ලට ගනිමින් රජයේ සියලු පාසල් ද ලබන මස 20 වැනිදා දක්වා වසා දැමීමට රජය ගිය සතියේ පියවර ගත්තේය.
මේ අතර රට තුළ මතුව ඇති අවදානම් තත්ත්වය හමුවේ මැතිවරණය පැවැත්විය හැකිද යන්න පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සෞඛ්‍ය අංශ බලධාරීන් සමග මේ සතියේදී සාකච්ඡාවක්ද පවත්වනු ඇතැයි වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොරෝනා වසංගතයෙන් දැඩි ප්‍රහාරයක් ඡන්ද රැස්වීම් සීමාවෙයි?