
(දයාසීලි ලියනගේ)
“අයි.එස්.අයි.එස්.” ත්‍රස්තවාදීන් ඔවුන්ගේ විදේශීය ඉලක්කවලට පහරදීම සඳහා සාමකාමී රටවල සිට සැළසුම් කරන බවට තොරතුරු ලැබී ඇතැයිද, එම නිසා සංක්‍රමණිකයන්
ගැන විශේෂයෙන් සැළකිලිමත් වන්නැයිද ඇමෙරිකානු හමුදාවේ ආසියා පැසිෆික් කලාපීය ප්‍රධානී මේජර් ජනරාල් හැරී බී හැරිස් මහතා මෙරට ආරක්ෂක අංශවලට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ඉකුත්දා ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණු හැරිස් මහතා මෙරට ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර ඇත.
ඉතා දරුණු ත්‍රස්තවාදී සංවිධාන ලෝකය පුරා විසිරී සිටිමින් ත්‍රස්තවාදී කටයුතු සංවිධානය කිරීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවද විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටකට පහසුවෙන් ඇතුල්වීමට ඔවුන්ට අවස්ථාව සැලසෙන බවද හැරිස් මහතා පෙන්වා දී ඇත.
මේ තත්ත්වය නිසා විශේෂයෙන් සංක්‍රමණිකයන් පිළිබඳව අවධානය දක්වන ලෙස හැරිස් මහතා අනතුරු අඟවා තිබේ.
කුඩා රටවල් කෙරෙහි ජාත්‍යන්තර ආරක්ෂක අංශ අවධානය නොදැක්වෙන නිසා එය ප්‍රයෝජනයට ගනිමින් අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් දැන් කුඩා රටවලට සංක්‍රමණය වනු ඇතැයිද ඔහු සඳහන් කර තිබෙන බව වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 30
22
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
703
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමෙරිකා හමුදාවෙන් අනතුරු ඇඟවීමක් !