(නිමන්ති රණසිංහ)
දෛනික ආදායම් අහිමි වූ පිරිස් වෙත ලබා දෙන රුපියල් 5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතිය තුළ ලබා දීමට කටයුතු කරනු ලබන සෞඛ්‍ය ඇමැතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
පවුල් පන් ලක්ෂ හැත්තෑ එක්දහස් අටසිය අනූ දෙකක් (5071892) සඳහා වූ රුපියල් මිලියන විසිපන්දහස් තුන්සිය පනස් නමයක (25359) ක මුදලක් මැයි මස දීමනාව ලෙස ලබාදීමට මේ වන විට කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරිය ස`දහන් කළාය.
සහනාධාර බෙදා දීමේදී වකුගඩු, ආබාධිත සහ වැඩිහිටි අයවලූන් ලෙස හත් ලක්ෂ අනූ හත් දහස් හයසිය තිස් පහක (797,635) ක් ස`දහා රුපියල් මිලියන තුන් දහස් නවසිය අසූ අටක (3988) මුදලක් මැයි මාසය වෙනුවෙන් ලබා දීමට කටයුතු කරන බව ද අමාත්‍යවරිය පැවසුවාය.
සමෘද්ධි සංවර්ධන නිලධාරී ගමට පැමිණෙන දිනය පෙර දැනුම් දීමෙන් අනතුරුව තදබදය වැලැක්වීමේ අරමුණීන් එක් වරකට පවුල් 100ක් සදහා පමණක් මෙම සහනාධාරය බෙදා දීමට කටයුතු කරනු ඇතැයි ද අමාත්‍යවරිය ස`දහන් කළාය.
විශේෂයෙන්ම ලෝකයේ ආර්ථිකය අඩපන වී ඇති අවස්ථාවක ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවිත නගා සිටුවීම හා ආර්ථිකය පන ගැනීමට රුපියල් මිලිය 25,000කට අධික මුදලක් මෙවර මැයි මාසය ස`දහා රජය විසින් වෙන් කර ඇතැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.
කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරිය මේ බව ස`දහන් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ඉතින් මැඩම්ගෙ ගෙදරින් ගෙනාපු සල්ලි නෙමේනෙ බෙදන්නේ. ඔය සල්ලි මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලිම තමයි. නිකම් බොරුවට කියවන්න එපා. අච්චර මෙච්චර වෙන්කරල තියෙනවා කියලා...
ගමක 10 දෙනෙක් ඇති ඕක ඕනෑ අය... නිකන් දීලා මිනිස්සු පුරුදු කරන්න එපා...
මුළු ලොවේම අාදායම් අහිමි අයට අාධාර ලබාදෙන විට මක්කැයි මේ අපේ අය දේශපාලනය කරන්නේ? මෙය මෙම ආණ්ඩුවේ දෙයක් පමණි... මෙතරම් බංකොලොත්ද ලංකා ආණ්ඩුව...?
අනේ අම්මේ නගාට හරි වියදම් නේද මේ දවස් වල...? ගෙදර දෙමාපියන්ට සල්ලි යහමින් තියෙන නිසා හොඳයි.. ගෙදරින්ම ගෙනැල්ලා මහජනතාවට බෙදන එක කොච්චර හොඳද නේද නගෝ...?
අපේ ගමේ පාසල් ප්‍රවාහන සේවාවන් පවත්වාගෙන ගිය කාන්තාවන් දෙදෙනෙකුට 5000/- දීමනාව ලබාදීම ග්‍රාම නිලධාරිනිය ඇතුළු කමිටුව ප්‍රතික්ෂේප කරලා තිබුණා. හේතුව වශයෙන් කියලා තියෙන්නේ එම දෙදෙනාගේ ස්වාමිපුරුෂයින් දෙදෙනා විශ්‍රාමිකයින් නිසා දිය නොහැකි බවයි. ඔවුන්ගේ විශ්‍රාම වැටුප රුපියල් 20000/- ට අඩුයි. එ්ක මදි නිසා බිරින්දෑවරු පාසල් වෑන් සේවාව කරගෙන ගියා කියන්නේ. කොහොම වුණත් මේ කාන්තාවන් දෙදෙනා තම රියැදුරන්ට වැටුප ගෙවීමට නොහැකිව සහන සලසමින් ඉන්නවා. 5000/- ලැබුණොත් පොඩිහරි සහනයක් වේවි කියලා තමයි කියන්නේ... මෙවැනි පිරිසට සහනයක් සැලසීමට නීතිමය බාධාවක් තිබෙනවද, අැමැතිතුමියනි..?
මේ දීමනාව එය ලැබීමට කිසිසේත් සුදුසු නැති කිවහැකි මුදලාලිලාට ඉඩම් හිමි වැවිලිකාරයින්ට එහෙම ලැබෙන බවත් සුදුස්සන්, සමහරෙකුට නො ලැබෙන බවත් ඔබතුමිය දන්නවද? අජිත් සඳහන් කරන දෙදෙනාට වුණත් ඒ ගැන අයිතිවාසිකම් කීමට සුදුසුකමක් නැහැ. විලිලැජ්ජා නැතුව මේ දීමනාවට කොටන්න ටියුෂන් ගුරාලාත් ඉල්ලා හිටියනේ...
අපේ පැත්තේ පොල් වත්තක් තියෙන මුදලාලි කෙනෙකුටත් 5000 ලැබුණා එයා පොහොට්ටුවේ හින්දා...
ඇයි මෙච්චර ඉක්මනින්? තව මාස දෙක තුනකින් දුන්නා නම් හරිනේ...