IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හත් වැනි දිනටත් ගතවු පැය 24 දී ඉන්දියාව ආසාදිතයින් 6000 ඉක්මවයි

අඛණ්ඩව හත්වැනි දිනටත් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (26) 6 000 ඉක්මවූ අතර එම සංඛ්‍යාව 6,535ක් ලෙස දැක්විණි.
 
ඉන්දියාවෙන් ඊයේ (25) වැනිදා කොරෝනා ආසාදිතයන් 6,977 දෙනකු හඳුනාගෙන තිබූ අතර අද (26) දිනයේදී ආසාදිතයන් 6,535 දෙනකු හඳුනාගත් බව එන්.ඩී.ටීවී. පුවත් සේවය වාර්තා කර තිබිණි.

ඉන්දියාවෙන් මැයි මස (21) වැනිදා සිට දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 6,000 ඉක්මවීය.
 
ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 146ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් අද (26) පස්වරු 2 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 4,167ක් ලෙස දැක්විණි.
 
ඉන්දියාවෙන් අද (26) පස්වරු 2 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,45,380ක් වූ අතර සුවය ලබා පිට වී ගිය සංඛ්‍යාව 60,491ක් විය. කොරෝනා වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 80,722කි.

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා පිටව යන පිරිස ප්‍රතිශතයක් ලෙස සියයට 40 ඉක්මවා ඇතැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු ඊයේ ප්‍රකාශ කළහ.

කොරෝනා ආසාදිතයන්ගේ පනස් දහස ඉක්මවූ පළමු ප්‍රාන්තය බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පත්ව ඇති අතර එම ප්‍රාන්තයෙන් අද (26) පස්වරු 2 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 52,667ක් විය.

ඉන්දියාවෙන් අද දිනයේදී වාර්තා වූ ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වූයේ මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් යන ප්‍රාන්තවලිනි. ඉන්දියාවේ මූල්‍ය අගනගරය හෙවත් මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවර පිහිටා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය. ගුජරාට් යානු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රාන්තය යි.
 
අල්ජසීරා/එන්.ඩී.ටීවී.
 
055



අදහස් (0)

හත් වැනි දිනටත් ගතවු පැය 24 දී ඉන්දියාව ආසාදිතයින් 6000 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site