IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හෝටල්කරුවන්ගෙන් වෛද්‍ය කාර්යමණ්ඩලයට නිරෝධායන කාමර

කොරෝනා වයිරසය ආසාදිතයන් හෝ එසේ සැක කරන්නන් සමග විවෘතව රාජකාරි කිරීම නිසා තමන්ගේ සේවයෙන් පසුව නිවෙස් වලට යා නොහැකි අයට අවශ්‍ය නිරෝධායන කටයුතු සඳහා නවාතැන් දීමට ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය කැමැත්ත පලකර තිබේ.

කොරෝනා වයිරසය පැතිරීම මැඬපැවැත්වීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග දෙස මහත් අගයකිීරීමෙන් බලා සිටින ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය ඊට සහයෝගය දීමට කැමැත්ත පළකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව තමන්ගේ සංගමයට අයත් සාමාජිකයන්ගේ තෝරාගත් හෝටල කිහිපයක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යාමට කැමැත්ත පළකර තිබේ.

විශේෂයෙන්ම කොරෝනා වයිරසය සමගින් කටයුතු කරන වෛද්‍ය කණ්ඩායම් වලට අවශ්‍ය නිරෝධායන කටයුතු වෙනුවෙන් තමන්ගේ හෝටල් කාමර වෙන් කිරීමටද ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය කැමැත්ත පලකර තිබේ. මෙම කටයුතු වල නිරත වන වෛද්‍ය කණ්ඩායම් වලට තමන්ගේ සේවාමුරය නිමවීමෙන් පසුව නිවෙස් වලට යාමට නොහැකිය.

නිරෝධායන කටයුතු සඳහා නිදහස් කෙරෙන කාමර සංඛ්‍යාව එහි අවශ්‍යතාව මත තීරණය කෙරේ. ශ්‍රී ලංකා හෝටල්කරුවන්ගේ සංගමය සිය නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මෙම අවස්ථාවේදී කොවිඞ් - 18 වයිරසය සමග සටන් වදින ප්‍රජාව, විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ කාර්යභාරය ඉතාම ඉහළින් අගයන බවයි.



අදහස් (0)

හෝටල්කරුවන්ගෙන් වෛද්‍ය කාර්යමණ්ඩලයට නිරෝධායන කාමර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site