IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


හිඟුරක්ගොඩ ළමා නිවාසයක දැරියෝ 4 ක් අතුරුදන් වෙති

(ක.ග.කරුණාරත්න)

හිඟුරක්ගොඩ,හතමුණ ප්‍රදේශයේ පිහිටා තිබෙන බාලිකා ළමා නිවාසයෙක සිටි බාල වයස්කාර දැරියන් සිව් දෙනෙකු ඊයේ (04)රාත්‍රී  සිට අතුරුදන්ව ඇති බවට අද(05)පැමිණිලි ලැබී ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය කියයි.
 
එහි පාලිකාව විසින් පොලීසියට කරඇති පැමිණිල්ලේ දැක්වෙන්නේ තම බාලිකා ළමා නිවාසයේ නේවාසිකව සිටි දැරියන් 04 දෙනෙකු ඊයේ(04) රාත්‍රී කිසිවෙකුටත් නොදන්වා හොර රහසේ ළමා නිවාසයෙන් නික්ම ගොස්  ඇති බවට සැක කරන බවයි.
 
 ඔව්හු අවුරුදු 14,15,16 යන වයස් කාණ්ඩවල පසුවූ අය බවද කියති.
 
අතුරුදන්ව සිටින මෙම දැරියන්  හතර දෙනා සෙවීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර තිබෙන බව ළමා හා කාන්තා කාර්යංශයේ පොලිස් නිලධාරීහු පැවැසූහ.
 
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි  හිඟුරක්ගොඩ පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.



අදහස් (11)

හිඟුරක්ගොඩ ළමා නිවාසයක දැරියෝ 4 ක් අතුරුදන් වෙති

ROCKY Tuesday, 05 May 2020 12:23 PM

ප්‍රාදේශීය දේශපාලුවන්ගෙන් විමසා බැලුවොත් හොඳයි නේද? තංගල්ල පැත්තෙන් අල්ලාගන ගියාද කියන්නත් බැහැ!

:       276       1013

Anura Tuesday, 05 May 2020 12:34 PM

ඉක්මනට හොයාගන්න , නැත්නම් ප‍්‍රාදේශීය මන්ත්‍රී කෙනෙකුට අහු උනොත් ඉවරයි...

:       13       1024

කල්පනා Tuesday, 05 May 2020 12:45 PM

මේ දිනවල පවත්නා තත්වය මත නඩත්තුව ගෙනයාමට අපහසු ඇති. කාර්යය මණ්ඩල වැටුප් ගෙවීමත් ආහාර සදහාත් බෙහෙත් ආදියටත් විශාල මුදලක් අවශ්‍ය වෙනවානේ. මෙම තත්වය අළුත් නිවාස සදහා වැඩිපුරම බලපානවා. එවැනි නිවාස සදහා ආධාර ක්‍රමයක් ඇත්නම් මේවා නොවෙන්න පුළුවන්.(කාගේ හෝ උදව්වක් නැතිව ළමුන් 4 දෙනෙකුට ඇදිරි නීතිය තිබියදී පැනයාමට හැකිවේද ?)

:       0       75

AjithD.L Tuesday, 05 May 2020 01:16 PM

ඉස්සර සමන් කුමාර - මතුගම , කොයිතරම් මිනිසුන්ගේ හදවත් කම්පාවට ලක්වුණාද? එත් අද ?

:       0       290

Anton Austria Tuesday, 05 May 2020 01:47 PM

ප‍්‍රාදේශීය මන්ත්‍රීලාගේ තත්ත්වය මැනවින් වැටහෙනවා. ඒත් චන්දෙන් දිනනවා.

:       6       235

Champa Tuesday, 05 May 2020 03:30 PM

එහෙම වෙන්නේ කොහොමද අනේ...? ඇඳිරි නීතිය තියෙද්දී. අනික පාරේ බසුත් නැහැනේ. ඉස්සෙල්ල බලන්න පොලිසියෙන් අල්ලගෙනද කියල. නැත්නම් අහල පහල ගෙදරකද කියලා. ඇඳිරි නීතිය කැඩුව කියලා 46,000ක් අත් අඩංගුවට අරන් තියෙන්නේ... දවල් නම් ඉතින් පොලිසියේ නැතුව ඇති. කවුරු හරි ඔතනට යන එන කෙනෙක් සම්බන්ධ ඇති. රටේ හැමතැනම මහා භයානක දේවල් අහන්න ලැබෙනවා. පොලිසිය ඉක්මන් කලොත් හොඳයි.

:       0       1

kalana Tuesday, 05 May 2020 08:32 PM

අන්තවාදීනුත් ඔය වැඩේ කරනවා. හොයලා බලයිද කියලයි සැක

:       2       0

Pradeep Wednesday, 06 May 2020 02:25 AM

මෙහි සිටින ළමයින් ගැන නිසි සැලකිල්ලක් තිබිලා නෑ වගේ. කෙසේ වෙතත් පාලිකාවගෙනුත් දැඩිව ප්‍රශ්න කලොත් හොදයි.

:       0       21

athula Wednesday, 06 May 2020 07:03 AM

ආයෙත් පටන් අරගෙන වගෙයි.....

:       0       2

kamal Wednesday, 06 May 2020 08:43 AM

ගෙදෙරින් එලියට බහින්න බැහැ කන පැලෙන්න දවස පුරාම පිරිත්. සද්දේ විතරයි.

:       1       0

mahinda Wednesday, 06 May 2020 10:53 AM

කෑගල්ල පැත්තේ ගියාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 608 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 816 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 352 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site