(ක.ග.කරුණාරත්න)
මේ අවස්ථාවේ රුපියල් 90 පාලන මිලට වඩා සහල් කිලෝව සත පහකින් වත් වැඩි කිරීමේ අව්‍යතාවයක් නැතැයි හිටපු මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා අද(25) පොලොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
ආණ්ඩුවක් වී මෝල් පාලනය කරනවා මිස වී මෝල් කාරයින්ට ආණ්ඩුවක් පාලනය කිරීමට බැරි බවද හෙතෙම කියා සිටියේය.
හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු ඇතුලූ මින්නේරිය මැතිවරණ කොට්ඨාසයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ක‍්‍රියාකාරීහු පිරිසක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්‍ධවිමෙන් පසුව ඔවුන් පිලිගනිමින් ඒ මහතා මේ බව ප‍්‍රකාශ කලේය.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මහතා මෙසේද කීය.ජන පදනමක් නැති පරාජිත දේශපාලන පක්‍ෂවල අය මැතිවරණවලට ජන්ද කල් දාන්න කතා කරනවා
.මේ රටේ ජනතාව තුනෙන් දෙකක බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය දෙන්න සූදානමින් ඉන්නවා.වැඩබැරි ටාසන්ලා ඉන්න පරණ පාර්ලිමේතුව කැඳවීමට ජනාධිපතිතුමා කිසිසේත්ම සූදානම් නෑ.මොකද පරණ පාර්ලිමේන්තුව කියන්නේ 1948න් පස්සේ බිහි වෙච්ච ජරාම කණ්ඩායමක්,යහපාලනය කියන එකේ හිටපු අති බහුතරයක් ජරාම කණ්ඩායම නියෝජනය කරපු පාර්ලිමේන්තුව තමයි ඒ කාලේ තිබ්බේ.ඒක තමයි හැම පැත්තෙන්ම රට මේ තත්වයට ඇද දැම්මේ.
මහ බැංකුමංකොල්ලය,පාස්කු ප‍්‍රහාරය ඒ වගේම රට ආර්ථික වශයෙන් ප‍්‍රපාතයට ගිහිල්ලා රට ආර්ථික වශයෙන් විනාශ කරලා හම්බන්තොට වරාය විකුණලා මේ විනාශ කලේ ඒ අයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ ඔබතුමාලාගේ පොහොට්ටු ලිස්ට් වල 40 %-50% නියෝජනය කරන්නේ ඔබ ඔය නරකය කියන යහපාලන ආණ්ඩුව නියෝජනය කරපු පුද්ගලයන්..., සහල් මිල සම්බන්ධ ප්‍රශ්නෙදී ඔබතුමාගේ ස්ථාවරයේ තමා මමත් ඉන්නේ.., නමුත් කණගාටුවෙන් වුණත් කියන්න ඕනේ මොන ආණ්ඩුව ආවත් පොළොන්නරුවේ හබරලිය මුදලාලි ප්‍රමුඛ සහල් මාෆියාව අලුත් ආණ්ඩුවේ දේශපාලකයන් සහ වී අලෙවි මණ්ඩලේ ලොක්කොත් එක්ක සෙට්වෙලා අපේ බත්පත සූරාකනවා. පසුගිය අවුරුදු 20 පුරා සිදුවුනේ ඒක, ඉදිරියට වෙනස් වෙන්නෙත් නැහැ. සහල් මිල බස්සවන්න ඕනේ නම් රජය සතුව තිබෙන වී තොග වෙළඳපලට දමන්න පුළුවන්.. එතකොට මිල බහිනවා. තවම එහෙම දෙයක් සිදුවෙන බවක් පේන්න නැහැ .
දෙපැත්තට වෙලා ටෝක්ස් නොදී එන්නකෝ ඩඩ්ලිත් එක්ක විවාදෙකට... කාටත් බලාගන්න පුලුවන් කවුද ඇත්ත කියන්නේ, කවුද මිනිස්සු රවටන්නේ කියලා...
සහතික ඇත්ත, පොඩි වෙනසකට තියෙන්නේ ඔහෙලටත් ඒ අයව අල්ලන්න කොන්ද පණ නෑ. පත්වෙලා මාස 6ත් පැනලා ඔයා කියපු ලිස්ට් එකයි එකක්වත් ඇල්ලුවද? දඬුවම් දීලා දේපළ රාජසන්තක කළාද? ඔහෙලා හොඳ අන්දරේ නාට්ටියට. අන්දරේත් කිව්වලු කළුකුම් මසුයි, හීනටි හාලේ බත් කාලා, දැන් ගල උස්සල කාටහරි උගේ කර උඩ තිබ්බොත් ගෙනියන්නම් කියලා (ඔහෙලගෙ 2/3 ඉල්ලලත් ඒවගේ තමයි) තව කල්ගියොත් ආයේ විපක්ෂයේ තමයි. ඔක්කොගේම කතාව විතරයි වැඩ නෑ.
තම සොහොයුරාට සහ සමීපතමයින් කිහිප දෙනෙකුට, සහල් මිල ඇති පරිදි ඉහළ දැමිමට ඉඩ ලබාදුන් කාලය නිමාවී අවසන්. ඒ අයහපත් කාලය ගැන නොසිතා සහල් මිල දැන් පාලනය වෙමින් පවතින බව පෙනේ... ආහාර වලින් අධික ලාභ ලබා ගැනීමට ලොව කිසිදු රටක් උත්සාහ නොකරයි. ආහාර යනු ගෞරවයෙන් තවකෙකුට ලබා දියයුතු දෙයකි. ඒ ගැනද සිතන්න.
ප්‍රශ්නයක් නැහැ. ඡන්දෙන් ඔය ගොල්ලන් පරදිනවා. එ් නිසා අපි කලබල වෙන්නේ නැහැ.
පුලුවන් නම් ඔය සහල් මෝල් ටික වස්සවලා දමන්න. ඒකතමයි ඕනේ වෙලා තියෙන්නේ. ලංකාවේ මිනිහෙක් ඔලුව උස්සනකොට වටේම ඉන්න මල පෙරේතයින්ට ඕනේ වෙනවා බංකොලොත් කරවන්න. ඉන්පස්සේ ඉන්දියාවෙනුයි, පාකිස්තානයෙනුයි හාල් මෝල් දමනවා. එතකොට හොඳයි. බණ්ඩාරනායක අගමැතිගේ ඉඳලා මේ ආණ්ඩුව දක්වාම ලාංකික ව්‍යාපාරිකයින්ට වල කපන එකම තමා කරන්නේ.
සහල් මාෆියාවේ තිත්ත ඇත්ත. සහල් මාෆියාව කිය කියා සෑම රජයක්ම සෑම වසරකම චෝදනා කරමින් විවිධ ප්‍රතිපත්ති තීරණ ගනිමින් සහල් නිෂ්පාදකයා අපහසුතාවයකට පත් කිරීමෙන් වසරෙන් වසර මෙම ව්‍යාපාරය බංකොලොත් කරයි. රජය මේ සොයන්නේ ප්‍රශ්නයට උත්තරයද? නැත.රටේ පරිභෝජනයට අවශ්‍ය පරිදී වී ප්‍රභේද වගා කරන්නේද? නැත. රටේ ජනගහනයෙන් 50%ක් පරිභෝජනය කරන්නේ නාඩු සහල් නම් රටේ වී නිෂ්පාදනය 50%ක් නාඩු වී විය යුතුය.එසේ වී නොමැත.මෙවර මහ කන්නයේ නාඩු වී නිෂ්පාදනය 20% ක් වත් නැත.මෙයට වගකිව යුත්තේ සහල් නිෂ්පාදකයාද? මෙය නිසි ලෙස කළමණාකරණය කළ යුත්තේ රජය නොවේද?රටේ වී නිෂ්පාදනය පිළිබඳ නිවැරදි දත්ත ලබා ගැනීමට කිසිදු තැනක් නැත.කිසිදු ආකාරයකින් රජය මේ ගැන නිසි අධ්‍යනයක් නොකරයි.ඔවුන් සෑම විටම කරන්නේ දේශපාලනය පමණයි. මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනයෙන් ටොන් ලක්ෂ 32 ක් ලැබී තිබේද? නැත.එයින් හරි අඩක් පමණක් ලැබී ඇත. එය ගැන කවුරුත් සොයා බැලුවාද? නැත. ප්‍රශ්නය එය නම්,මෙවර රටේ වී නිෂ්පාදනය ටොන් ලක්ෂ 17 ක් පමණය.එයිනුත් 60% ඇත්තේ කීරි සම්බාය. ඉතිරි ප්‍රමාණය නාඩු/සම්බා/රතු නාඩු සහල්ය.මෙයින් පැහැදිලි වන්නේ මේ රටේ සහල් මාෆියාකරුවන් වන්නේ මේ රටේ පාලකයින් වේ.
අපිට නම් ඔය කවරුත් වැඩ බැරි ටාසන්ලා තමයි.