IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සෑම දිස්ත්‍රික්කයකම කොරෝනා මර්දන කාර්යාල

( දිල්රුක්ෂි ග්‍රේරු )

කොරෝනා වයිරසය ශ්‍රී ලංකාවේ තවදුරටත් ව්‍යාප්තවීම වළක්වා ගැනීම සඳහා  සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම කොරෝනා මර්දන තොරතුරු වාර්තා මධ්‍යස්ථානයක් ආරම්භ කළ යුතු යයි  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍යංශය නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෙම කාර්යාලය පිහිටුවීම සඳහා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සහය ලබාගත යුතු බවත්‍, ඒ සඳහා සහය ලබාදීමට  එම කාර්යාල අයත් පොලිස් ස්ථාන මගින් පොලිස් නිලධාරියෙකු අනුයුක්ත කළ යුතු බවත් මෙම චක්‍ර ලේඛයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාධිතයින් සැළකිය යුතු ප්‍රමාණයක් හමු වී ඇති නිසා එම තතත්වය ශ්‍රී ලංකාවේ වසංගතයක් දක්වා වර්ධනය නොවීම සඳහා කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගැනීමට මෙම ක්‍රියා මාර්ග පිළිපදින ලෙස ඉල්ලමින්  අමාත්‍යංශය මගින් මෙම චක්‍රලේඛය නිකුත් කළේය.

ගම් මට්ටමේදී  ඒ ඒ ග්‍රාම නිලධාරී වසම බාර ග්‍රාම නිලධාරී, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී, සමෘද්ධි සංවර්ධන නිලධාරී  යන සියලු දෙනාගේ සහයෝගයෙන් ගම් මට්ටමින් පිහිටුවා ඇති ග්‍රාමීය සිවිල් ආරක්ෂක කමිටු හෝ ග්‍රාමීය ඩෙංගු මර්ධන කමිටු එක්ව ක්‍රියා කළ යුතු ආකාරයද එම චක්‍රලේඛයේ  සඳහන් කර ඇත.

ඒ අනුව අදාළ ප්‍රාදේශිය ලේකම්ට තොරතුරු ලබා දීම සඳහා  අමාත්‍යංශ,දෙපාර්තමේන්තු,සංස්ථා සහ මණ්ඩල කාර්යාලවලද කොරෝනා වසංගත තොරතුරු වාර්තා කිරීමට මධ්‍යස්ථානයක් පිහිටුවිය යුතුය. පිහිටුවා ඇති මෙම මධ්‍යස්ථානවලට වාර්තාවන කොරෝනා  වයිරසය අසාදනය වී යැයි සැක පුද්ගලයින් පිළිබඳව සෞඛ්‍ය බළධාරීන්ට දැනුම් දිය යුතුය.


එමෙන් ග්‍රාමිය මට්ටමින් දැනට ස්ථාපිත කර  තිබෙන ප්‍රාදේශිය  සිවිල් ආරක්ෂක කමිටුව හෝ ඩෙංගු මර්දන  කමිටුව මගින් මෙම  වයිරසයේ තත්ත්වය පිළිබඳව සහ එය මර්දනය  පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය මෙහෙයුම් කටයුතු  ආරක්ෂක අංශ සහය ලබාගෙන කළ යුතු බවද එහි දක්වා ඇත.
 ආසාදිත යැයි සැක පුද්ගලයින් සිටී නම්   ඒ පිළිබඳව ග්‍රාම නිලධාරී ,සෞඛ්‍ය , ආරක්ෂක  ඇතුළු අදාල අංශ දැනුම්වත් කර  එම පුද්ගලයින් නිරෝධායනයට යොමු කළ යුතු අතර , විදෙස්ගතව පැමිණ නිරෝධායන සඳහා යොමු කරනු ලබන පුද්ගලයින් සහ ස්වයං නිරෝධායනට යොමු වන පුද්ගලයින්ට  අවශ්‍ය  විශේෂ නිවාඩු ආයතන සංග්‍රහයේ XXII ජේදයේ 12:9 හා XXVIII ජේදයේ 13:1:2  වගන්තිය අනුව ලබා දීම අදාළ අමාත්‍යංශ ලේකම්,දෙපාර්තමේන්තු ප්‍රධානීන්  විසින් කළ යුතු බවද එහි දක්වා තිබේ.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ උපදෙස් මත  අමාත්‍යංශ ලේකම්  එස් හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, ප්‍රධාන ලේකම්වරුන් , දිස්ත්‍රික් ලේකම්වරුන් , දිසාපතිවරුන්, සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්, ප්‍රාදේශිය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරීවරුන් මේ සම්බන්ධයෙන් දැනුම්වත් කර  ඇතැයි එම චක්‍රලේඛයේ සඳහන්ය.

කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා මේ වන විට ගෙන ඇති පියවරක් ලෙස රාජගිරියේ  කොරෝනා මර්දන කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ.  මෙම බළකායට තොරතුරු ලබා දීම සඳහා  117 යන දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ වීමේ හැකියාවක් පවතී.



අදහස් (1)

සෑම දිස්ත්‍රික්කයකම කොරෝනා මර්දන කාර්යාල

Ajantha Monday, 16 March 2020 09:19 AM

හොඳ අදහසක්... කළ යුතු වැඩ ටික හරියට කරමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site