( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රටපුරා කොරෝනා වසංගතය පැතිර යාමේ තත්ත්වයක් පවතින හෙයින් ලබන ජුනි මස 20 වැනිදා මහමැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සමගි ජන බලවේගය ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන සතියේ දිනෙක කැඳවන ලෙස ඉල්ලා පෙත්සම්කාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (08) මෝසමක් ගොනු කරනු ලැබ ඇත.
ඒ අනුව මේ මස 11, 13 හෝ 14 යන දිනයන් අතුරින් එක් දිනයක මෙම පෙත්සම කැදවන්නැයි එම පෙත්සම ගොනු කළ සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් සහ හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් මෙම ඉල්ලීම සහිත මෝසම විද්‍යුත් තැපෑල ඔස්සේ අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද නම් කරනු ලැබ සිටිති.
නීතීඥ දිනේෂ් විදානපතිරණ මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම මගින් සඳහන් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇති බවය.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මස දෙවනදා එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණු බව ද පෙත්සමේ සඳහන් වේ.
එහෙත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 25 වන දා මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන හෙයින් එය ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය තීරණය කර ඇතැයිද පෙත්සම්කරු සිට පෙත්සමින් කියා සිටී.
මෙලෙස ජුනි මස 20 වනදා මැතිවරණයකට දින නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරු පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වන බවද පෙත්සමේ සදහන් වේ.
2019 වසරේ ඔක්තෝබර් මස 23 වන දා පාර්ලිමේන්තුව මගින් සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය අරමුදල් වැය කිරීමට බලය හිමි වන්නේ පසුගිය අප්‍රේල් මස 30 දක්වා පමණක් බවත් ,මෙම තත්වය හමුවේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවා අවශ්‍ය මුදල් අනුමත කර ගැනීම සිදුකරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළද එම ඉල්ලීම ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවද පෙත්සම්කරු කියා සිටී.
මෙම තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජය විසින් රාජ්‍ය අරමුදල්කි වැයකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවද පෙත්සම්කරු සඳහන් කරයි.
්
මෙම ක්‍රියාවන් තුලින් රජය සිය මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.
කොරෝනා වසංගතය අවසන් වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම තුළින් මූලික අයිතීන් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් , අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු
ජූනි මස 20 දා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මස 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක දෙයක් පැහැදිලියි. මේ කට්ටියට ඡන්දෙ (තමන්ගේ බඩ ගොස්තරය) මිසක් රටේ මිනිස්සු ගැන නම් වගක්වත් නැහැ. ගිය අවුරුද්දේ දෙවන භාගේ විනාස කරා රනිල් එක්ක යුද්ධ කර කර, ඡන්දෙ පැරදුණාම හැන්ගුණා. ඊ ලඟට 2020 පටන්ගත්තාම ආයෙමත් රනිල් එක්ක ඇරගෙන නායකකම ගන්න ගිහින් බැරිවුණා. ඒ ගමන වෙනම පක්ෂ හදාගෙන යන්න ගියා. දැන් අායෙමත් ඔලුව උස්සනවා.. හැබැයි රට වෙනුවෙන් නෙවෙයි. ඔබලා රටේ යහපත වෙනුවෙන් කරපු එක දෙයක් කියන්න.
"සියලුම පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් චිරාත් කාලයක් තිස්සෙම කඩකළ මෙම 225 දෙනා " දැන් එකාට එකා තමාගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව කියන්නේ කෙසේදැයි යන්න අප ප්‍රසිද්ධියේම විමසන්නෙමු.
මේ කොළපාට මිනිස්සුන්ට පට්ටම කෑදරකමක් පෙන්ෂන් එකට සහ බලයට තියෙන්නේ. මේ පරාජිත බලවේගේ හිටියනම් අපේ රටෙත් මිනී වළලන්න බැකෝ යත්ත්‍ර ගේන්න වෙනවා. අපේ පෙර පිනකට ගෝඨා ආවේ. අවුරුදු පහක් රටම විතරක් නෙමෙයි මහ බැංකුවත් උළා කාලා තාම පෙරේතකම ගිහින් නැහැ.
පව් අප්පා. මේ ඉතින් අපිට සේවය කරන්න තියන ආශාව හින්දනේ නඩුත් කියාගෙන ආපහු පාර්ලිමේන්තුවට දක්කන්න හදන්නේ.
ඔබතුමාලගේ මොන මුලික අයිතිවාසිකමද අහිමිවී ඇත්තේ?