( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රටපුරා කොරෝනා වයිරසය තවදුරටත් ව්‍යාප්තවීමේ තත්ත්වයක් පවතින බැවින් ලබන ජුනි 20 වැනිදා මහා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිකුත් කර තිබෙන අති විශේෂ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය ද බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ජාතික සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (06) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
ජාතික සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් සහ හිටපු එක්සත්ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් පෙත්සම ගොනු කරනු ලැබ ඇත.
එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය, එහි සාමාජිකයින් වන එන්.ජේ. අබේසේකර සහ රත්නජීවන් හූල් මෙන්ම නීතිපතිවරයාද නම් කරනු සිටිති.
විදානපතිරණ ඇසෝසියේටඩ් නීතීඥ සමාගම මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම මෙසේද සදහන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදු වූ දින සිට මාස තුනක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා මීළඟ නව පාර්ලිමේන්තුව රැස් විය යුතු බවට ප්‍රතිපාදන සලසා ඇත.
ඒ අනුව ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මස දෙවනදා එවක පැවැති පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට දින නියම කෙරුණි.
නමුත් පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් අප්‍රේල් මස 25 වන දා මහමැතිවරණය පැවැත්වීමට නොහැකි තත්වයක් උද්ගතව තිබෙන හෙයින් එය ජුනි මස 20 වැනිදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම තීරණය තීරණය කර ඇත.
මෙලෙස ජුනි මස 20 වනදා මැතිවරණයකට දින නියම කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි වේ.
මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැරිය දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට ඇති හැකියාව අහිමි වීම තුළින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ද නීතිය ඉදිරියේ බල රහිත වේ
2019 වසරේ ඔක්තෝබර් මස 23 වන දා පාර්ලිමේන්තුව මගින් සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය අරමුදල් වැය කිරීමට බලය හිමි වන්නේ පසුගිය අප්‍රේල් මස 30 දක්වා පමණකි.
මෙම තත්වය හමුවේ විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවා අවශ්‍ය මුදල් අනුමත කර ගැනීම සිදුකරන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළද එම ඉල්ලීම ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළ බවද පෙත්සම්කරු කියා සිටී.
මෙම තත්වය හමුවේ පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රජය විසින් රාජ්‍ය අරමුදල් වැය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවකි.
මෙම ක්‍රියාවන් තුලින් රජය සිය මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටි.
කොරෝනා වසංගතය අවසන් වීමට පෙර මැතිවරණයක් පැවැත්වීම තුළින් මූලික අයිතීන් උල්ලංඝණය වූ බවට නියෝගයක් නිකුත් කරන ලෙසද ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ජූනි මස 20 දා මහමැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ ඉකුත් මාර්තු මස 2 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර ජාතික සමගි ජනබලවේගයේ මහලේකම්වරයා සිය පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොදයි... චන්දෙ තිබුණත් දිනන එකක්යැ...
වාසනාවකට කොරෝනා ආවේ. 2015 -2019 දක්වා චන්ද දෙකක් පමනයි තිබ්බෙ. කාන්තා නියෝජනය සිමා නිර්නය වගෙ උප්පරවැට්ටි දාලා ගොඩ දාගත්තා.
සමගි ජන බලවේගය බලන්නේ රටේ ජනතාවගේ ජන ජීවිතයවත්, රටේ අර්තිකය ගැනවත් නෙවෙයි චන්දය ගැන විතරයි හිතන් ඉන්නේ... ඔබතුමාලා කවදාකවත් හැදෙන්නේ නැති වෙනම ජන කොටසක්..
දැන් එතකොට දිගටම කොරෝනා තිබ්බොත් දිගටම ජන්දය තියෙන්නේ නැතුව පරණ පාර්ලිමේන්තුව තියාගෙන යන්න කියලද කියන්නේ? ඔයාලා හිටිය නම් මේ වෙනකොට අපි මැරිලා ඉවරයි .. රටක් විදිහට මේකට මූණ දීලා එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන එකයි කරන්න ඕනේ. ඇයි මීටින් තියන්නේ? ඇයි ගෙවල් ගානේ යන්නේ ජන්ද කැම්පේන් කරන්නේ? රූපවාහිනී පත්තර රේඩියෝ අන්තර්ජාල තියෙනවා රටේ හැමතැනම . මෙතන තියෙන්නේ මෙයාලගෙ බැරිකම....
මටනම් හිතන්නේ මැතිවරණ කොමිසමට ඡන්දය පැවැත්වීමේ වගකීම තිබුනත් ජනාධිපති අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන දිනය ගැසට් කර තිබෙන බැවින් එයට පසු දිනයක ඡන්දය පවත්වන්න බලයක් නැහැ කියලා. ව්‍යවස්ථාවේ 70 (5) (ඇ) කියන විදියට ජනාධිපතිවරයාගේ, පසු කරන ප්‍රකාශයකින් අභිනව පාර්ලිමේන්තුව රැස් වෙන දිනයක් ප්‍රකාශ කරට පසුව නව ඡන්දය පැවැත්වීමේ දිනය ප්‍රකශයට පත් කරන්න පුළුවන් කියලයි මටනම් හිතෙන්නේ. මැතිවරණ කොමිසම අලුත් දිනයක් ප්‍රකාශ කරන්න කලින් ජනාධිපතිතුමා මුල් ප්‍රකාශනයේ දින සිට මාස තුනකට පසු දිනයක් නොවන දිනයක් ප්‍රකාශ කරන්න ඕනේ කියල හිතෙනවා. මැයි 14 රැස්වෙන්න කලින් කිව්වනම් ඊළඟට අගෝස්තු 13 වත් අභිනව පාර්ලිමේන්තුව රැස් වෙනවා කියලා ප්‍රකාශයක් කරන්න ඕනේ කියල හිතෙනවා. ඒ වෙනකොට කොවිඩ් 19 වසංගතය සැහෙන දුරට පාලනය වී තිබෙයි කියල හිතෙනවා. එහෙම වුනොත් අගෝස්තු 13 සිටත් මාස තුනක් ඒකාබද්ධ අරමුදල රාජ්‍ය වැය සඳහා පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතෙනවා.
කොරෝනාවට විරුද්ධව පෙත්සමක් දාන්නේ නැත්තේ මොකද? රට ගැන නෙවෙයි තමුන්ගේ බඩ ගැන විතරයි හිතන්නේ. මේ පෙත්සම දාලා හිතන්නේ ආපහු පාර්ලිමේන්තුව කැඳවලා අර පෙන්ෂන් නැතිවෙච්ච කට්ටියගේ පෙන්ෂන් ගන්නයි. ඕක හිතන්න තිබුනේ ගොඩක් කලින්, අර අයවැයට විරුද්ධවෙනවා කියලා නටනකොට. අනික පාර්ලිමේතුව අයෙමත් ගෙන්නුවත් ආපහු කරන්නේ හැමදේටම විරුද්ධව චන්දෙ දීමයි, පරණ යුඑන්පී එකේ රනිල් එක්ක ඇරගන්න එකයි විතරනේ. මහජනතාවට වැඩක් කරන්නේ නැහැනේ,
අපේ දේශපාලකයින්ට (පක්ෂ විපක්ෂ හැමෝටම) ඡන්දයට මේ තියන උනන්දුව රටේ සංවර්ධන කටයුතු වලටත් තිබුනානම්.. රට සුරාකාපු හොරු ටික අල්ලන්න තිබුනානම්.. මත් උවදුර පිටු දකින්න තිබුනානම්... රට තුල සැරිසරන එක එක ත්‍රස්තවාදී කල්ලි විනාශ කිරීමට තිබුනානම්.. දරිද්‍රතාවයෙන් බැටකන ඡන්ද දායකයින්ගේ සහ තම අස්වනු විකුණා ගත නොහැකිව ලතවෙන ගොවීන්ගේ ආර්ථිකය නගා සිටුවීමට තිබුනේ නම් අප රට කොයිතරම් නම් සුන්දර වෙයිද. හීනෙන් වගේ පෙනුනේ.
කොරෝනා අශාදනයට වැඩිය මැතිවරණයට බිය වගේ.
මෙච්චර දේ හොඳින් වෙනවා බලාගෙන ඉන්න බැරිව කරන මේ කුහක කම් කවදා ඉවර වේවිද? බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නත් නැහැ.......
එජාපය හැමදාම කරේ ජන මතයට සහ ජනයාගේ අභිලාෂයට විරුද්ධව උඩුගම් බල පීනන්ට බලපු එක. එය යුද්ධට අවස්ථාවේ, පාස්කු ප්‍රහාරය අවස්ථාවේ ඒවගේම තවත් සංවේදී වූ අවස්ථා කිහිපයකදීම සිදු කළා. 2015 දී සිරිසේන හිටපු නිසා යම් කලකට බලය ලබා ගත්තත් උඩගුකම සහ ජනතාවගේ පැත්තේ හිට නොගත් නිසා නැවතත් බලය නැති කර ගත්තා. දැන් නැවතත් මේ අවස්ථාවේ බහුතර ජනතාව අකමැති දෙයක් කිරීමට යාම තුලින් පෙනෙන්නේ තවමත් එජාපය සහ ඒ තුළින් කැඩී ගිය කොටස් ජනතා මතය සහ සිතුම් පැතුම් සහ ජනතාවට (දේශපාලන පක්ෂ වලට කඩේ නොයන) මේ රටේ දිශානතිය වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රමවේදය පිළිබඳව අවබෝධයක් නොමැති බවයි. ඒ වෙනුවට වෙනත් කෙටි මාර්ග සදහා යොමු වන ආකාරයක් පෙනෙයි. මට පෙනෙන්නේ යම් ආකාරයක මතවාදී විප්ලවයක් මේ රටට සහ මේ පක්ෂ දෙක තුනටම අවශ්‍ය කර තිබේ.
විසිරුණු මල් පෙති දෝතට එකතු කර මලක් සෑදිය නොහැක. සරදම් නොකරමි. අවබෝධය වෙනුවෙන් පමණක් සඳහන් කරමි.