IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


සෙනඟ ගැවසීම පාලනයට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 81 වසා දමයි

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ  විශාල ජනතාවක් ගැවසීම පාලනය කිරීම සඳහා වෙළෙඳ ව්‍යාපාරිකයන් සිය වෙළඳ සැල් 81 අද( 02) වසා දමා තද බදය  පාලනය කිරීමට සහයෝගය ලබා දී තිබේ.
  
විශාල වශයෙන් ආර්ථික මධ්‍යස්ථානයේ ගැවසුණු ජනතාව මේ  වන විට ඉතා සීමිත ප්‍රමාණයක් පැමිණ තිබේ.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩ කාමර 144ක් පවතී.
 
 එයින් ව්‍යාපාරික ස්ථාන 81 ක් අද වසා දමා තිබීම නිසා බොහෝ ගොවීන් තම අස්වනු වෙළඳපොලට රැගෙන ඒමෙන් වැළකී තිබේ .
 
ඇතැම් ව්‍යාපාරිකයෝ ගොවිපළවල් වලට ගොස් ගොවීන්ගේ අස්වනු  රැගෙන ඒමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර තිබේ.
 
එමෙන්ම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ද විශාල වශයෙන් පහත වැටී තිබිණි.
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයෙකු රෝගී තත්ත්වයකට පත්ව සෞඛ්‍ය අංශ විසින් ඔහු අනුරාධපුර රෝහලට යවා පරීක්ෂණ පරික්ෂා කිරීම සඳහා අනුරාධපුර රෝහලට යැවිණි.
 
 ඒ සමඟම ආර්ථික මධ්‍යස්ථානයේ එම වෙළඳසැලට ද මුද්‍රා තැබීමට  සෞඛ්‍ය නිලධාරීන් පියවර ගනු ලැබීය.
 
එම සේවකයාගේ පරික්ෂා කිරීමෙන් අනතුරුව කොරෝනා රෝග තත්ත්වයක් නොමැති බව වාර්තා වී ඇතැයි සෞඛ්‍ය බලධාරීන් එම ව්‍යාපාරිකයාට දැනුම්දී වෙළඳසැල නැවත අද(2 ) දින විවෘත කරන ලෙස දැනුම් දුන් බව එම ව්‍යාපාරිකයා පැවසීය.
 
ඒත් සමගම කෙරෝනා  නොමැති බව දැනගත්  මෙම ව්‍යාපාරිකයා සහ මහනුවර ප්‍රදේශයෙන් ආර්ථික මධ්‍යස්ථානය එම වෙළද සැලට පැමිණ ව්‍යාපාරිකයකු  අද(2)  උදෑසන මාධ්‍යවේදීන්ට දැඩි බලපෑම් එල්ල කරමින් කියා සිටියේ තමන්ගේ වෙළඳසැල වසා දැමීම හේතුවෙන් මාධ්‍ය වගකීම භාරගත යුතු බව ය.
 
එමෙන්  තමන්ට ලැබීමට  තිබූ විශාල ආර්ථික  වාසිය නොලැබුණු බවට ද හෙතෙම චෝදනා කරන්නට විය .

සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කිරීම් මාධ්‍ය වාර්තා පළ කිරීම නිසා තමන්ට අපහසුතා රැසකට මුහුණ දුන් බවද හෙතෙම දැඩි ව කියන්න විය.
 
මාධ්‍ය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ආර්ථික මධ්‍යස්ථානය විනාශ කළ බවද හෙතෙම තර්ජනය කළේය.මහනුවර ප්‍රදේශයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු මිල දී ගැනීම සඳහා පැමිණ වසා දමා තිබුණු වෙළඳ සැලේ හිමිකරු සමඟ එකට සිටි ව්‍යාපාරිකයාද දැඩි ලෙස මාධ්‍ය විවේචනය කරමින් කෑකෝ ගසන්නට විය.

 


 
 



අදහස් (2)

සෙනඟ ගැවසීම පාලනයට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසැල් 81 වසා දමයි

Mahesh Thursday, 02 April 2020 06:27 AM

තොග වෙළෙඳාම වෙන තැන් වන මේවයේ සහ ධීවර වරායන් වල මේ විදියට උත්සහ කරලා බලන්න. තොග වෙළදසැල ප්‍රදේශයේ හෝ ඉඩ තියෙන වෙනත් විශාල ඉඩමක් වෙන්කරගන්න. නිලධාරීන්, පොලීසිය සහ හමුදාවේ අයගෙන් සැදුනු කන්ඩායමක් හදාගන්න.එළවලු සහ මාලු එම කන්ඩායම විසින් භාරගන්න ඔන එම ප්‍රදේශයේ එක පැත්තකින්. මුදල් ඒ වෙලවේ හෝ දින කීපයකින් ගිනුමට ගෙවන්න පුලුවන්. එතකොට එක කන්ඩායමක් මේවා ගන්න නිසා තදබදයක් ඇතිවෙන්නේ නෑ. එම කන්ඩායමෙන් තොග ගන්න පුලුවන් පිට පළාත් වෙළදුන්ට එම ප්‍රදේශයේ අනිත් පැත්තෙන්.. වාහන පෝලිමට එනවනේ එතකොට ඔය ප්‍රශ්නය විසදෙනවා. එහෙම නැතුව තොග වෙළදසැල් අවට කොහොමත් සාමාන්‍ය ක්‍රමයක් හරියන්නේ නෑ.

:       1       3

rasika Thursday, 02 April 2020 06:29 AM

ගොවිපොළට හෝ ආසන්නයට ගොස් මිලදී ගන්න ක්‍රමයකින් ගොවියා ආරක්ෂා කරන්න පුළුවන්.... ඔවුන් බේරාගත යුතුයි.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 580 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1705 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site